යදාමිණිගේ මැදිහත්වීමෙන් ලුණුපොකුණ තෙමහල් සංකීර්ණය යළි ජනතා සේවයට

යදාමිණිගේ මැදිහත්වීමෙන් ලුණුපොකුණ තෙමහල් සංකීර්ණය යළි ජනතා සේවයට

කොළඹ මහ නගර සභාවට අයත්, වසර කීපයක් අත්හැර විනාශ මුඛයට ලක්කර තිබූ කොළඹ ලුණුපොකුණ තෙමහල් ගොඩනැගිලි සංකීර්ණය කොළඹ ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති පා.ම. යදාමිණි ගුණවර්ධන මහතා ප්‍රජාව සමඟ මැදිහත්වීමෙන්  දින 30ක් ඇතුළත කොළඹ මහ නගර සභාවේ ක්‍රීඩා අංශය මගින් පිළිසකර කර, කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පවත්වාගෙන ගිය ග්‍රාම නිලධාරී ඇතුළු මහජන සේවා පහසුකම් රැසක්, යළිත් ලුණුපොකුණට ගෙනඒම, පසුගිය සතියේ සිදු කෙරිණි.

මහජන මුදලින් ඉදිකර තිබූ මෙම තෙමහල් ගොඩනැගිල්ල කොළඹ මහ නගර සභාවේ අවධානයෙන් ගිලිහීම නිසා ජරාජීර්ණ වී සමාජ විරෝධී ස්ථානයක් ලෙස අතහැර දමා තිබූ අතර, කොළඹ සංවර්ධන කමිටු සභාපතිවරයා ලෙස පා.ම. යදාමිණි ගුණවර්ධන මහතා, මීට මාසයකට පෙර, ප්‍රදේශයේ ජනතාව මෙන්ම නිලධාරීන්ද සමග එම ස්ථානයේ ම රැස්වීමක් කැඳවා, පාර්ශවකරුවන්ගේ දායකත්වයෙන් දින 30ක් තුළ ගොඩනැගිල්ල පිළිසකර කිරීමට නව වැඩපිළිවෙළක් සකස් කර දී තිබිණි.

මහජන පහසුව, වියදම් ඉතිරිය, හා ප්‍රජා සහභාගිත්වය ඉහළ නැන්වීම උදෙසා මෙසේ පිළිසකර කළ ගොඩනැගිල්ලට පිවිසියේ පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතාගේ ආරාධනයෙන්, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතාගේ ප්‍රධානත්වයෙනි.

මහා සංඝරත්නය, පූජක උතුමන්, කොළඹ දිසාපතිවරයා, කොළඹ මහ නගර සභා කොමසාරිස්වරිය, කොළඹ ප්‍රාදේශීය ලේකම්වරයා, කොළඹ මහ නගර සභාවේ හිටපු සභිකයින්, පොලිස් ස්ථානාධිපතිවරයා, ප්‍රජා නායකයින් ඇතුළු මහජන සහභාගීත්වයෙන් එය සිදුකෙරිණි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )