යුක්තියට මානව හිමිකම් කොමිසමත් මැදි වෙයි

යුක්තියට මානව හිමිකම් කොමිසමත් මැදි වෙයි

විෂ මත් ද්‍රව්‍ය වැටලීම සඳහා ආරම්භ කර ඇති “යුක්තිය” මෙහෙයුම පිළිබඳ සමාලෝචනයක් කරන ලෙසත් මානව හිමිකම් ආරක්ෂා කරමින් එම මෙහෙයුම ක්‍රියාත්මක කරන ලෙසත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටින බව එම කාර්යාලයේ මාධ්‍ය ප්‍රකාශිකා ලිස් ත්‍රොසෙල් මහත්මිය ප්‍රකාශ කළාය.

මේ වනවිට යුක්තිය මෙහෙයුම යටතේ 29000 කට ආසන්න සංඛ්‍යාවක් මත් ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා මත අත් අඩංගුවට ගෙන ඇති බවද ඇය පෙන්වා දුන්නාය.

එසේ අත් අඩංගුවට ගත් ඇතැම් පුද්ගලයන් තමන්ට අසාධාරණ ලෙස සැලකූ බවටත් වධ හිංසා වලට ලක්වන බවටත් චෝදනා කර ඇති බව ලිස් ත්‍රොසෙල් මහත්මිය පැවැසුවාය.

ආරක්ෂක අංශ වරෙන්තු නොමැතිව සෝදිසි කිරීම්වල නියැලී ඇති බවත් මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් යැයි සැකකෙරෙන පුද්ගලයන් විශාල පිරිසක් රඳවා ගෙන ඇති බවත් ඇය ප්‍රකාශ කළාය.

එලෙස රඳවා ගත් බොහෝ පිරිස් හමුදා පාලනයක් සහිත පුනුරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බවද ලිස් ත්‍රොසෙල් මහත්මිය පැවැසුවාය.

යුක්තිය මෙහෙයුම තුළදී අනවසර සෝදිසි කිරීම්, අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබා ගැනීම, අයහපත් ලෙස සැලකීම්, වධහිංසා පැමිණවීම් සහ ප්‍රසිද්ධියේ අපහසුතාවයට පත්වන අයුරින් පුද්ගලයන් සෝදිසි කිරීම් ඇතුළු උල්ලංඝනයන් ගණනාවකට පුද්ගලයන් ලක් වී ඇති බව වාර්තා වන බවද ලිස් ත්‍රොසෙල් මහත්මිය ප්‍රකාශ කළාය.

ඕනෑම සමාජයක මත් ද්‍රව්‍ය යනු විශාල ප්‍රශ්නයක් නමුත් මෙවැනි දැඩි මෙහෙයුමක් එයට විසඳුම නොවන බවද ලිස් ත්‍රොසෙල් මහත්මිය පැවැසුවාය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )