දුරකථන ගාස්තු ඉහළට

දුරකථන ගාස්තු ඉහළට

වැට් බැද්ද ඉහල දැමීම හේතුවෙන් විදුලි සංදේශ සේවාවන්ට අදාළ බදු හෙට(1) සිට සියයට 42 කට අධික ප්‍රතිශතයකින් ඉහළ යන බව දුරකථන සමාගම් පවසයි.

ඒ අනුව දේශීය ඇමතුම්, කෙටි පණිවිඩ, අමතර සේවා සඳහා වන මුළු බදු අගය සියයට 42.02 ක් වන බවත් ඩේටා සහ විදේශ ඇමතුම් සඳහා මුළු බදු අගය සියයට 23.50 ක් වන බවත් එම සමාගම් සඳහන් කරයි.

පෙරගෙවුම් ඩේටා කාඩ්පත් කිහිපයක ඩේටා ප්‍රමාණය අඩුකර ඇති අතර, ඒවායේ බදු ඇතුළත් මිල නොවෙනස්ව පවතින බවද ඇතැම් දුරකථන සමාගම් වැඩිදුරටත් කීය.

CATEGORIES
TAGS
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )