
ලංකා සතොස භාණ්ඩ 6 ක මිල තවදුරටත් අඩු කරයි
ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 6 ක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගත් බවත් නව මිල අද (28) සිට ක්‍රියාත්මක වන බවත් ලංකා සතොස පැවසීය.
දේශීය ටින් මාළු ග්‍රෑම් 425 ක මිල රුපියල් 55 කින්, අර්තාපල් සහ රතු කැකුළු සහල් කිලෝවක මිල රුපියල් 5 බැගින් ද, රතු පරිප්පු, සුදු නාඩු සහ සුදු කැකුළු සහල් කිලෝවක මිල රුපියල බැගින් ද, මිල අඩු කළ බව සතොස සඳහන් කරයි.
ඒ අනුව දේශීය ටින් මාළු ග්‍රෑම් 425 ක මිල රුපියල් 475 ක් ද, අර්තාපල් කිලෝවක නව මිල රුපියල් 280 ක් ද, රතු කැකුළු සහල් කිලෝවක නව මිල රුපියල් 175 ක් ද, රතු පරිප්පු කිලෝවක නව මිල රුපියල් 309 ක් ද, සුදු නාඩු කිලෝවක නව මිල රුපියල් 206 ක් ද, සුදු කැකුළු සහල් කිලෝවක නව මිල රුපියල් 199 ක් ද, බව සතොස වැඩි දුරටත් සඳහන් කරයි.
CATEGORIES දේශීය පුවත්