ජපානය ආරක්ෂාව තර කරයි

ජපානය ආරක්ෂාව තර කරයි

ජපානය සිය බැලස්ටික් මිසයිල ආරක්ෂණ පද්ධති සූදානම්ව තැබීමට තීරණය කර තිබේ.

ඔවුන් එවැනි තීරණයක් ගෙන ඇත්තේ මැයි 31 සහ ජූනි 11 අතර කාලය තුළදී තමන් චන්ද්‍රිකාවක් එළිදැක්වීමට නියමිත බවට උතුරු කොරියාව, ජපානයට දැනුම් දීමෙන් පසුවය.

ජපානය පවසන්නේ තම භූමියට තර්ජනයක් වියහැකි ඕනෑම දෙයක් විනාශ කිරීමට තමන් පසුබට නොවන බවයි.

කෙසේ නමුත් උතුරු කොරියාව පවසන්නේ තමන් විසින් නිපදවූ චන්ද්‍රිකාව කක්ෂගත කිරීමට නියමිත බවයි.

CATEGORIES
TAGS
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )