බයෝ ෆුඩ්ස් 30 වැනි සංවත්සරය අභිමානයෙන් සමරයි

බයෝ ෆුඩ්ස් 30 වැනි සංවත්සරය අභිමානයෙන් සමරයි

ශ්‍රී ලංකාවේ අපනයන කෘෂිකර්මාන්තයේ පුරෝගාමියෙකු වන බයෝ ෆුඩ්ස් සමාගම ගෝලීය පරිමාණයෙන් කාබනික සහ සාධාරණ වෙළෙඳ ප්‍රතිපත්තීන්ට අනුව යමින් කාබනික කෘෂිකර්මාන්තයේ ප්‍රමුඛයා ලෙස සිය 30 වැනි සංවත්සරය අභිමානයෙන් සමරයි.

ආචාර්ය ඒ. සරත් රණවීර මහතාගේ සංකල්පයකට අනුව 1993 දී බයෝ ෆුඩ්ස් සමාගම පිහිටුවන ලද අතර වර්තමානයේ එහි සභාපතිවරයා ලෙස කටයුතු කරමින් කාබනික කෘෂිකර්මාන්තයේ ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයට ගෙන යාමට කටයුතු කරමින් සිටියි. තිරසාර හා ආචාරශිලී ගොවිතැන් පිළිවෙතක් සඳහා රටට ආදර්ශයක් ලබා දී තිබේ. කෘෂිකර්මාන්තය තුළ ධනාත්මක වෙනසක් ඇති කිරීම සඳහා නොසැලෙන කැපවීමක් සමඟින්, සහතික කළ ගොවි කණ්ඩායම්වල සිට සැකසුම් කම්හල් දක්වා අවසන් පාරිභෝගික භාණ්ඩය තෙක් සමස්ත ආහාර නිෂ්පාදන දාමය වැලඳගනිමින් බයෝ ෆුඩ්ස් සමාගම ශ්‍රී ලංකාවේ අපනයන කේෂ්ත්‍රයේ විශිෂ්ටත්වයට ඔසවා තබා ඇත.

සමාගම උසස් කාබනික සහතික කිරීමේ ප්‍රමිතීන්ට දැඩි ලෙස අනුගත වී ඇති අතර, නිෂ්පාදන හානිකර රසායනික ද්‍රව්‍ය, පළිබෝධනාශක සහ ජානමය වශයෙන් සිදු කරනු ලබන වෙනස් කිරීම් බැහැර කිරීම සහතික කරයි. එසේම, 1990 දශකයේ මුල් භාගයේදී Fairtrade Labeling Organization (FLO) ප්‍රමිති සැකසීමේ කමිටු සාමාජිකයෙකු ලෙස ආචාර්ය රණවීර මහතා ගෞරවනීය තනතුර අධ්‍යතනයේ ගෝලීය වශයෙන් භාවිතා වන සාධාරණ වෙළඳ රෙගුලාසි සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දී තිබේ.

බයෝ ෆුඩ්ස්හි අධිෂ්ඨානශීලී සාධාරණ වෙළඳ පිළිවෙත් සහ අපනයන ආදායම ශ්‍රී ලාංකික කුඩා පරිමාණ ගොවීන්ගේ ජීවනෝපායන් ශක්තිමත් කරයි. ආචාර්ය රණවීර මහතා විසින් ආරම්භ කරන ලද කාබනික සහ තිරසාර භාවිතයන් (SOFA සහ MOPA) පිළිබඳව පුහුණු කරන ලද කුඩා ගොවි කණ්ඩායම් 2015 සහ 2014 වසරවලදී FLO විසින් ලොව හොඳම ගොවි සංවිධානයේ සම්මානයෙන් පිදුම් ලැබීය. 2014 වසරේදී World Fairtrade ලේබල් කිරීමේ සංවිධානය විසින් සමාරම්භක “World’s Fairest Fairtrade සම්මානයෙන්” ඔහු පිදුම් ලැබීය. වසර ගණනාවක් පුරා, බයෝ ෆුඩ්ස් විසින් තිරසාරභාවය සහ සමාජ වගකීම් සඳහා ඇති නොසැලෙන කැපවීම හේතුවෙන්, විශේෂයෙන් යුරෝපය පුරා, නොයෙකුත් ඇගයීම් සහ පිළිගැනීම් ලබා ඇති ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයට ගෙනයාමට කටයුතු කර තිබේ.

“කාබනික සහ තිරසාර භාවිතයන් සඳහා වූ අපගේ කැපවීම සැලකිය යුතු ප්‍රතිඵල ගෙන දී ඇත. ජනප්‍රිය දුර්මතවලට පටහැනිව, අප මෙතෙක් කල් භාවිතා කරමින් ඉදිරියට ගෙනා කාබනික වගා ක්‍රම මගින් රසායනික පොහොර භාවිතයන්ට සමාන හෝ අභිබවා යන අස්වැන්නක් ලබා ගත හැකි බව අපි වසර ගනනාවක් ක්‍රියාවෙන් පෙන්නුම් කර ඇත. එමෙන්ම දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය විදේශ ආදායම මෙරටට රැගෙන, මෙහි එය රදවා ගැනීමට අප දායක වී තිබේ. බයෝ ෆුඩ්ස් විසින් ජෛව ගතික කෘෂිකර්මාන්තයෙන් සමස්ථ ලෝකයෙන්ම මූලස්ථානයක් ගැනීම සහ දශකයකට වැඩි කාලයක් ලංකාවේ ප්‍රථම සහතික කළ කාබනික පොහොර භාවිතය අපගේ දශක තුනක ගමනේ වැදගත් සන්ධිස්තාන ලෙස අපි හදුනාගන්නවා” ආචාර්ය රණවීර මහතා ප්‍රකාශ කරයි.

“අභියෝග රැසක් මධ්‍යයේ මෙම සුවිශේෂී සන්ධිස්ථානය සමරමින් අපි අද ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයට ගෙන ගොස් තිබේ. අපගේ සාර්ථකත්වය අපගේ කණ්ඩායමේ සාමූහිකත්වය, අපගේ ගොවීන්ගේ කැපවීම සහ අපගේ නොනැසී පවතින සහයෝගය පිළිබඳ සාක්ෂියකි. අපගේ ගමන පුරා හවුල්කරුවන්, සැබෑ තිරසාරභාවය ගොඩනඟා ඇත්තේ බොහෝ මිනිසුන්ගේ නොපසුබස්නා උත්සහය, සෑම විටම වඩා හොඳ කිරීමට උත්සාහ කිරීමෙනි, අපි ඉදිරියට යන විට මෙම පරමාදර්ශයට අපි කැපවී සිටින” බව එහි සමස්ථ ප්‍රධාන විධායක නිලධාරී මධුෂා රණවීර මහත්මිය අදහස් දක්වමින් පැවසුවාය.

දේශගුණික විපර්යාසවල වර්ධනය වන බලපෑම් මගින් සලකුණු කරන ලද ගතික ගෝලීය භූ දර්ශනයකට මුහුණ දෙමින්, බයෝ ෆුඩ්ස්හි ස්ථිර කෘෂිකාර්මික භාවිතයන් ඔරොත්තු දෙන බව පමණක් නොව, කැපී පෙනෙන ලෙස සාර්ථක වී ඇත. පසුගිය දශකය තුළ, සහතික කළ කාබනික පොහොර නිෂ්පාදනය කර භාවිතා කරමින් සිය කැපවීම පෙන්නුම් කර ඇති අතර පරිසරයේ ස්වාභාවික චක්‍ර සහ ශක්තීන් උපයෝගී කර ගන්නා ජෛව ගතික කෘෂිකාර්මික ශිල්පීය ක්‍රම ද භාවිතා කරයි.

COVID-19 වසංගතය, රජයේ අස්ථාවරත්වය, කාබනික කෘෂිකර්මාන්තය වටා ඇති ප්‍රතිපත්ති මාරු කිරීම සහ 2022 මූල්‍ය අර්බුදය ඇතුළු ප්‍රබල අභියෝග හමුවේ වුවද, බයෝ ෆුඩ්ස් නිරන්තරයෙන් ඔරොත්තු දීමේ හැකියාව සහ නවෝත්පාදනය විදහා දක්වයි.

“බොහොමයක් අපනයන ශ්‍රේෂ්ත්‍රයේ ලැබෙන අපනයන ඩොලර් ආදායම් වලින් සැලකිය යුතු ප්‍රමාණයක් නැවතත් රටින් බැහැර වෙනවා. මොකද ඒවායේ යෙදවුම් වලට විශාල වශයෙන් අපි ආනයනය මත පදනම් වෙන හින්දා. ඒකට විරුද්දව බයෝ ෆුඩ්ස් වල 99%ක් පමණ රට ඇතුලේ අගය එකතු කිරීමක් සිද්ද වෙනවා. මෙම උදාහරණය ශ්‍රී ලංකාවට අවශ්‍ය ඩොලර් උපයාගැනීමේ ශක්තිය අවධාරනය කරනවා පමණක් නොවේ ජාතිය තිරසාර කෘෂිකර්මාන්තයේ ගෝලීය ප්‍රමුඛයා බවට පත්වීමට අවස්ථාව නිර්මාණය කරනවා. විචක්ෂණ රාජ්‍ය හා මූල්‍ය ප්‍රතිපත්ති සංවර්ධනය සඳහාද එය අත්‍යවශ්‍යයි. සත්‍ය උනන්දුවක් සහ ඵලදායී කථිකාවක් තිබේ නම්, මෙම නිර්මාණාත්මක ක්‍රියාවලියේ නිරත වීමට බයෝ ෆුඩ්ස් හි අපි සම්පූර්ණයෙන්ම කැපවී සිටින” බව එහි ප්‍රධාන විධායක නිලධාරී ගයාන් වෙල්ලාල මහතා සදහන් කරයි.

බයෝ ෆුඩ්ස් සිය 30 වන සංවත්සරය සමරන විට, සමාගම නව ව්‍යාපාර කේෂ්ත්‍රයන් දක්වා ව්‍යාප්ත වීම මගින් අපේක්ෂිත ඉලක්ක කරා අනාගත දැක්ම එළිදක්වයි. ශ්‍රී ලංකාවේ කාබනික කෘෂිකර්මාන්තයේ විවිධත්වය විදහා දක්වන නව්‍ය නිෂ්පාදන පෙළ හඳුන්වාදීම සමාගමේ අරමුණයි. මෙම වැදගත් සන්ධිස්ථානය සනිටුහන් කරමින්, බයෝ ෆුඩ්ස් වඩා හොඳ, සෞඛ්‍ය සම්පන්න ලෝකයක් පෝෂණය කිරීම සඳහා එහි මූලික මූලධර්ම සහ කැපවීම නැවත අවධාරණය කරයි. වැඩි විස්තර www.biofoodslk.com වෙත පිවිසීමෙන් ලබාගත හැකිය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )