මාතෘ භූමිය වෙනුවෙන් දිවි පිදූ අභීත රණවිරුවන් සිහිපත් කෙරෙන ඓතිහාසික රණවිරු සැමරුම

මාතෘ භූමිය වෙනුවෙන් දිවි පිදූ අභීත රණවිරුවන් සිහිපත් කෙරෙන ඓතිහාසික රණවිරු සැමරුම

දේශයේ ස්වාධීනත්වය සහ ඒකීයභාවය උදෙසා තම වටිනා ජීවිත පූජා කළ අභීත රණවිරුවන් ඇගයීමට ලක්කෙරෙන ඓතිහාසික “1990 – කොකාවිල් යුධ පුරාවෘත්තය, 36 වැනි සැමරුම” සහ “තොප්පිගල විජයග්‍රහණයේ 20 වැනි සැමරුම” මෙවර උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට “ආර්ය පදනම” කටයුතු යොදා ඇත.

පසුගිය දශක එකහමාරකට අධික කාලයක් පුරා පක්ෂ දේශපාලනයෙන් බැහැරව, මව්බිමේ සංස්කෘතික හා ජාතික අනන්‍යතාවය සුරැකීම උදෙසා ක්‍රියාකරන “ආර්ය පදනම” විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම ජාතික වැඩසටහන මෙවර 2026 ජූලි 31 වන සිකුරාදා දින පස්වරු 4.00ට නුගේගොඩ, හයිලෙවල් මාර්ගයේ විජේරාම හංදිය අසල පිහිටි විජේරාම රජමහා විහාරස්ථානයේ   පැවැත්වේ.

1990 වසරේ කොකාවිල්හිදී ප්‍රාණ දානයෙන් අතිවිශාල කැපකිරීමක් කළ වීරෝදාර රණවිරුවන්ගේ 36 වැනි සැමරුම සහ 2009 අවසන් මානුෂීය මෙහෙයුමේ හැරවුම් ලක්ෂය සනිටුහන් කළ නැගෙනහිර තොප්පිගල මුදාගැනීමේ 20 වැනි සංවත්සරය සිහිපත් කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.

වත්මන් තරුණ පරපුර සහ පාසල් ශිෂ්‍ය ප්‍රජාව තුළ දේශාභිමානය වර්ධනය කිරීමත්, රණවිරු භූමිකාව පිළිබඳ ගෞරවයක් හා අභිමානයක් ගොඩනැංවීමත් අරමුණු කරගනිමින් පැවැත්වෙන මෙම සුවිශේෂී ජාතික කර්තව්‍යය සඳහා සහභාගී වන ලෙසත්, ඊට දායකත්වය ලබාදෙන ලෙස “ආර්ය පදනම” ජනතාවගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටී.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )