
සංචාරක ක්ෂේත්රයේ විශිෂ්ටයන් ඇගයීමට පියවර
ශ්‍රී ලංකාවේ සංචාරක හා ආගන්තුක සත්කාර ක්ෂේත්රය රටේ ආර් ථිකයේ සහ ජාතික අනන්‍යතාවයේ වැදගත්ම ශක්තීන්ගෙන් එකකි. උණුසුම් ආගන්තුක සත්කාරය, පොහොසත් සංස්කෘතික උරුමය, අසිරිමත් ස්වභාවික සුන්දරත්වය සහ සංචාරකයින් සඳහා අමතක නොවන අත්දැකීම් නිර්මාණය කිරීමට කැපවී සිටින වෘත්තිකයන් හා ව්‍යාපාරික ආයතන මෙම ක්ෂේත්රයේ උන්නතියට මූලික වේ.
මෙම පසුබිම තුළ සංචාරක හා ආගන්තුක සත්කාර ක්ෂේත්රයේ විශිෂ්ට කාර් ය සාධනයක් පෙන්නුම් කරන හෝටල්, අවන්හල්, සංචාරක අලෙවිකරණ ආයතන සහ ආගන්තුක සත්කාර සේවා සපයන්නන් ඇගයීම අරමුණු කරගත් “ශ්‍රී ලංකා සංචාරක විශිෂ්ටතා සම්මාන – 2026” ජාතික මට්ටමේ කීර් තිමත් සම්මාන වැඩසටහනක් ලෙස හඳුන්වා දීය හැකිය.
සේවා විශිෂ්ටත්වය, පාරිභෝගික අත්දැකීම, නිෂ්පාදන හා සේවා ගුණාත්මකභාවය, නවෝත්පාදනය, සුවිශේෂීත්වය හා ගෝලීය ප්‍රවේශය, තිරසාර හා වගකීම් සහගත භාවිතයන්, මෙහෙයුම් විශිෂ්ටත්වය, කාර් ය සාධනය, නායකත්වය සහ කර්මාන්තයට ඇති බලපෑම යන ප්‍රධාන මානයන් ඔස්සේ මීට සහභාගී වන ආයතන ඇගයීමට ලක් කෙරේ.
සම්මාන ක්‍රියාවලියේ විශ්වාසනීයත්වය සහ ස්වාධීනත්වය තහවුරු කිරීම සඳහා උපදේශක කමිටුවක්, තාක්ෂණික කමිටුවක් සහ ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් ඇතුළත් ත්‍රිවිධ පාලන ව්‍යුහයක් ක්‍රියාත්මක කෙරේ. මේ හරහා විනිවිදභාවය, අපක්ෂපාතීත්වය සහ වෘත්තීයමයභාවය ආරක්ෂා කිරීමට අපේක්ෂා කෙරේ.
මෙම සම්මාන වැඩසටහන මඟින් ආයතනවලට තම කාර් ය සාධනය ජාතික ප්රමිතීන් සමඟ සසඳා බැලීමට, ජයග්‍රහණ ප්‍රර්දශනය කිරීමට, සන්නාම කීර් තිය ශක්තිමත් කිරීමට සහ ක්ෂේත්රයේ අනෙකුත් පාර්ශ්වකරුවන් අතර පිළිගැනීමක් ලබා ගැනීමට අවස්ථාව සැලසේ.
ශ්‍රී ලංකා සංචාරක විශිෂ්ටතා සම්මාන – 2026 උළෙල 2027 ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිත අතර, සංචාරක ක්ෂේත්රයේ ප්‍රමුඛයන්, ප්‍රතිපත්ති සම්පාදකයන්, ව්‍යාපාරික නායකයන්, මාධ්‍ය නියෝජිතයන් සහ සම්භාවනීය අමුත්තන් එක්රැස් කරමින් වසරේ ප්‍රමුඛතම සංචාරක උත්සවයක් බවට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම වැඩසටහන හරහා විශිෂ්ටත්වය අගයමින්, නවෝත්පාදනය දිරිගන්වමින් සහ වගකීම් සහගත සංචාරක භාවිතයන් ප්‍රර්වධනය කරමින් ශ්‍රී ලංකාව ලොව ප්‍රමුඛතම සංචාරක ගමනාන්තයක් බවට පත් කිරීමේ ජාතික අරමුණ තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කෙරේ.

