SLT-MOBITEL Nebula Institute of Technology මීළඟ පරපුරේ තාක්ෂණික නායකයින් ජාතියට දායාද කරයි 

SLT-MOBITEL Nebula Institute of Technology මීළඟ පරපුරේ තාක්ෂණික නායකයින් ජාතියට දායාද කරයි 

SLT-MOBITEL හි අධ්‍යාපන ආයතනය වන SLT-MOBITEL Nebula Institute of Technology හි 2026 උපාධි ප්‍රදානෝත්සවය පසුගියදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්විණි. එහිදී ශ්‍රී ලංකාවේ ඩිජිටල් අනාගතය වෙනුවෙන් දායක වීමට සූදානමින් සිටින කුසලතා පූර්ණ තරුණ තරුණියන් පිරිසක් උපාධි හා ඩිප්ලෝමා සහතික හිමිකරගත්හ.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පී. එම්. සී. තිලකරත්න මහතා සහභාගී විය. Pearson South Asia කලාපීය කළමනාකරු සූරිය බිබිලේ, SLT සමූහයේ සභාපති ආචාර්ය මොතිලාල් ද සිල්වා, SLT-MOBITEL හි ප්‍රධාන විධායක නිලධාරී රියාස් රෂීඩ් යන මහත්වරුන් සහ තවත් ප්‍රධාන පෙළේ SLT-MOBITEL නියෝජිතයින් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. ඔවුන්ගේ සහභාගීත්වය මෙම උපාධි ප්‍රදානෝත්සවයේ වැදගත්කම සහ, මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ SLT-MOBITEL Nebula Institute of Technology අත්කරගනිමින් සිටින කීර්තිය මැනැවින් පිළිබිඹු කළ සාධකයක් විය.

SLT-MOBITEL Nebula Institute of Technology ආයතනයේ සහ University of Hertfordshire හි උපාධි ප්‍රදානෝත්සවය මෙවර පැවැත්වුණේ 6 වන වරට වන අතර, එහිදී උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් 204 දෙනෙක් උපාධි හා සහතිකපත් හිමිකරගත්හ. මෙහිදී එක්සත් රාජධානියේ University of Hertfordshire වෙතින් Bachelor of Engineering (Hons) උපාධි ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගණන 39 ක් විය.

මීට සමගාමීව 16 වැනි Pearson BTEC Higher National Diploma (HND) සහතිපත් ප්‍රදානෝත්සවයද පැවැත්විණි. එහිදී 45 දෙනෙකුට විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ Pearson BTEC 5 වන මට්ටමේ උසස් ජාතික ඩිප්ලෝමාව සහ 80 දෙනෙකුට ඩිජිටල් තාක්ෂණය පිළිබඳ Pearson BTEC 5 වන මට්ටමේ උසස් ජාතික ඩිප්ලෝමාව පිරිනමන ලදි. ඊට අමතරව තවත් 40 දෙනෙකුට ඉංජිනේරු විද්‍යාව පිළිබඳ Pearson BTEC 3 වන මට්ටමේ පදනම් ඩිප්ලෝමා සුදුසුකම් හිමි විය.

මේ සියල්ල මෙරට සිසුන්ට ජාත්‍යන්තර තලයේ සුදුසුකම් පිරිනමමින් ඔවුන්ට ඉංජිනේරු හා ඩිජිටල් තාක්ෂණ ක්ෂේත්‍ර තුළ වෘත්තීය අවස්ථා උදාකර දීම සඳහා SLT-MOBITEL Nebula Institute of Technology දරමින් සිටින උත්සාහයේ සාර්ථකත්වයට සාක්ෂි දරයි.

එමෙන්ම මෙම උපාධි ප්‍රදානෝත්සවය ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහ ඉංජිනේරු කුසලතා වර්ධනය කිරීම සඳහා මෙම ආයතනය දක්වමින් සිටින දීර්ඝකාලීන දායකත්වය මැනැවින් නිරූපණය කළ අවස්ථාවක් විය. එක්සත් රාජධානියේ University of Hertfordshire සහ එක්සත් රාජධානියේ Pearson BTEC සමඟ එක්ව ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සුදුසුකම් පිරිනමන මෙම ආයතනය, වේගයෙන් වෙනස් වන ඩිජිටල් ආර්ථිකයක සාර්ථකත්වය සඳහා අත්‍යවශ්‍ය න්‍යායාත්මක දැනුම සහ ප්‍රායෝගික කුසලතා සිසුන් වෙත ලබා දෙයි. දැනට මෙම ආයතනයේදී  රොබෝ විද්‍යාව හා කෘතිම බුද්ධිය, දත්ත විද්‍යාව සහ ඩිජිටල් තාක්ෂණයන් ඇතුළුව අනාගත අවශ්‍යතාවන්ට මැනැවින් ගැළපෙන විෂයන් රාශියක් පදනම් කරගත් පාඨමාලා හැදෑරීමේ අවස්ථාව හිමි වේ.

ශ්‍රී ලංකාව කලාපීය තාක්ෂණ මධ්‍යස්ථානයක් ලෙස ඉදිරියට යමින් සිටින පසුබිමක් තුළ, නවෝත්පාදනයන් සඳහා පෙරමුණ ගැනීමට, රටේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශය ශක්තිමත් කිරීමට, තිරසාර ජාතික සංවර්ධනයකට දායක වීමට සහ ශ්‍රී ලංකාවේ ඩිජිටල් අනාගතය හැඩගැස්වීමට සමත් දක්ෂ වෘත්තිකයන් පරපුරක් බිහිකිරීම සඳහා SLT‑MOBITEL Nebula Institute of Technology තීරණාත්මක කාර්යභාරයක් ඉටුකරමින් සිටී.

SLT‑MOBITEL Nebula Institute of Technology පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම කැමති සිසුන්ට හා දෙමාපියන්ට www.nebula.edu.lk වෙබ් අඩවිය හරහා මෙන්ම, Info@nebula.edu.lk ඊමේල් ලිපිනය සහ 0112162162 දුරකථන අංකය ඔස්සේ එම තොරතුරු ලබාගත හැකි වේ.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )