
සූපවේදී කලා හා ආහාර කර්මාන්තයේ විශිෂ්ටත්වය විදහා දක්වන දැවැන්න ප්රදර්ශනයක්
ප්රදර්ශන කුටි 200කට අධික සංඛ්යාවක්, සූප ශාස්ත්ර තරග කරුවන් 3,000 කට අධික පිරිසක්, ආහාර නිර්මාණ 4,000 කට ආසන්න සංඛ්යාවක්, දේශීය හා ජාත්යන්තර විනිශ්චය කරුවන් 40කට අධික පිරිසක් සහ 15,000 කට අධික නරඹන්නන් පිරිසක් අපේක්ෂිත CAFE 2026 ප්රදර්ශනයේ 23 වන සංස්කරණය මෙවර පැවැත්වීමට නියමිතය.
ශ්රී ලංකාවේ ආහාර, පාන වර්ග, සුපවේද සහ ආගන්තුක සත්කාර ක්ෂේත්රයේ ප්රමුඛතම ප්රදර්ශනක් වන Culinary Art Food Expo 2026 (CAFE 2026), 2026 නොවැම්බර් 27, 28 සහ 29 යන දිනවල කොළඹ බණ්ඩාරනායක ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේ (BMICH) පැවැත්වීමට නියමිනය. මෙවර 23 වැනි වරට පැවැත්වෙන මෙම ප්රදර්ශනයේදී BMICH හි A, B සහ C ශාලා පුරා ප්රදර්ශන කුටි 200 කට අධික සංඛ්යාවක් ඔස්සේ ආහාර හා ආගන්තුක සත්කාර ක්ෂේත්රයට අදාළ නිෂ්පාදන, සේවා සහ නවීන තාක්ෂණයන් ප්රදර්ශනය කෙරේ.
World Association of Chefs’ Societies (Worldchefs) ທີ່ ຜ ຜະປີລາ 2 Chefs’ Guild of Lanka 8 CDC Events & Travels (Pvt) Ltd සමඟ එක්ව සංවිධානය කරනු ලබන CAFE 2026 සඳහා සූපවේදීන්, හෝටල් ක්ෂේත්රයේ වෘත්තිකයන්, ආහාර නිෂ්පාදකයන්, බෙදාහරින්නන්, සැපයුම්කරුවන් සහ කර්මාන්තයේ ප්රමුඛයන් රැසක් එක්වීමට නියමිතය.
CAFE 2026 හි ජාත්යන්තර සූප ශාස්ත්ර තරගාවලි සහ ගෝලීය වැඩසටහන්
මෙම සුප ශාස්ත්ර තරගාවලිය සජීවී ආහාර පිසීම, පේස්ට්රි හා බේකරි නිෂ්පාදන, චොකලට නිර්මාණ, කේක් අලංකරණය, පලතුරු හා එළවළු කැටයම් සහ මිසොලොජි ඇතුළු විවිධ සූපශාස්ත්ර අංශ රැසකින් සමන්විත වේ. සූප ශාස්ත්ර විශිෂ්ටත්වය ප්රවර්ධනය කිරීම සහ වෘත්තීය කුසලතා වර්ධනය කිරීම අරමුණු කරගත් මෙම තරගාවලිය, ශ්රී ලංකාවේ තරුණ සූපවේදීන්ට සහ ආගන්තුක සත්කාර ක් ක්ෂේත්රයේ සිසුන්ට නම් දක්ෂතා වැඩිදියුණු කර ගැනීමටත්, ජාත්යන්තර අත්දැකීම් සහ පිළිගැනීම ලබා ගැනීමටත් වටිනා අවස්ථාවක් සලසයි.
Chets’ Guild of Lanka විසින් සංවිධානය කරනු ලබන CAFE 2026 හි ප්රධාන විශේෂාංග දෙකක් ලෙස, නොවැම්බර් 21 සිට 25 දක්වා ලක්සම්බර්ග්හි පැවැත්වෙන Culinary World Cup 2026 නරගාවලිය සඳහා ශ්රී ලංකාවේ සහභාගීත්වය සහ Worldchefs Congress 2030 සමුළුව ශ්රී ලංකාවේ පැවැත්වීම සඳහා ශ්රී ලංකාව ඉදිරිපත් කර ඇති ලංසුව (bid) හැඳින්විය හැකිය
මීට අමතරව, CAFE 2026 ප්රදර්ශනයට සමගාමීව නව වැඩසටහන් දෙකක් හඳුන්වා දීමට නියමිතය. ඒවා නම් World Young Chefs Club Sri Lanka Junior Chefs Culinary Championship 2026 2580 World Chefs Global Butchery Competition 2026 -Sri Lanka යන තරගාවලි දෙකයි.
2012 වසරේ සිට ශ්රී ලංකා සුප ශාස්ත්ර කණ්ඩායම් ලක්සම්බර්ග්හි පැවැත්වෙන Culinary World Cup තරගාවලියට සහ ජර්මනියේ පැවැත්වෙන World Culinary Olympics නරගාවලියට සහභාගී වී ඇත. වසර හතරකට වරක් පැවැත්වෙන මෙම නරගාවලි දෙක ලොව ප්රමුඛතම ජාත්යන්තර සූපශාස්ත්ර තරගාවලි අතරට අයත් වේ. මෙම ජාත්යන්තර වේදිකාවන්හිදී ශ්රී ලංකාව අභිමානවත් ලෙස නියෝජනය කළ අපගේ සූප ශාස්ත්ර කණ්ඩායම් රන් පදක්කම් රැසක් දිනා ගනිමින්, ශ්රී ලංකාවේ සූප ශාස්ත්ර දක්ෂතා හා වෘත්තීය නිපුණතාව ජාත්යන්නර මට්ටමින් ඇගයීමට ලක් කිරීමට සමත් වී ඇත.
CAFE 2026 හි ව්යාපාරික අවස්ථා සහ කර්මාන්ත හවුල්කාරීත්වයන්
ආහාර හා පාන වර්ග, සැකසූ ආහාර, කුළුබඩු, බේකරි හා රස කැවිලි නිෂ්පාදන, තේ හා කෝපි, මුළුතැන්ගෙයි සහ ආහාර සැපයුම් උපකරණ, ආහාර සැකසුම් තාක්ෂණය, ඇසුරුම් කරණය, පිඟන් භාණ්ඩ සහ ආගන්තුක සත්කාර සේවා ඇතුළු පුළුල් පරාසයක නිෂ්පාදන හා සේවා මෙහිදී ප්රදර්ශනය කෙරේ.
නව නිෂ්පාදන හඳුන්වා දීම, සජීවී ප්රදර්ශන පැවැත්වීම, ව්යාපාරික සම්බන්ධතා ගොඩ නැගීම, අනාගත ගැනුම්කරුවන් හමුවීම සහ නව වෙළෙඳ අවස්ථා හඳුනා ගැනීම සඳහා මෙම ප්රදර්ශනය වටිනා වේදිකාවක් සපයයි. එමෙන්ම ආහාර නිෂ්පාදකයන්, සැපයුම්කරුවන්, හෝටල්, අවන්හල් සහ සංචාරක ක්ෂේත්රයේ ව්යාපාර අතර සහයෝගිතාව ශක්තිමත් කිරීමට ද CAFE 2026 දායක වනු ඇත.
ප්රමුඛ සමාගම්වල අනුග්රාහකත්වය
CAFE 2026 සඳහා ප්රමුඛ පෙළේ කර්මාන්ත හවුල්කරුවන් රැසකගේ සහාය හිමි වේ. Nestlé Lanka Limited ප්රධාන ৯৩) (Diamond Sponsor) c, Asriel Marketing (Pvt) Ltd – AMS ປີ ໑໖) (Platinum Sponsor) ලෙසත් කටයුතු කරයි.
(Gold Sponsors) Ges Cargills Ceylon PLC, Maliban Biscuits Manufactories (Pvt) Ltd, C.W. Mackie PLC / Sunquick, Tastyy (Pvt) Ltd, CBL Food Solutions, International Distillers Limited, Pelwatte Dairy Industries Ltd, Pyramid Wilmar, Prima Ceylon PLC, Lanka Canneries (Pvt) Ltd esas Silvermill Naturals (Pvt.) Ltd ໖ ປີ.
(Co-Sponsors) @ CIC Agri Produce Export (Private) Limited, Litro Gas Lanka esão Fonterra Brands Lanka (Pvt) Ltd ද මෙම ප්රදර්ශනයට සහාය ලබා දෙයි.
මෙම ප්රමුඛ සමාගම්වල සහයෝගය ශ්රී ලංකාවේ ආහාර, පාන වර්ග සහ ආගන්තුක සත්කාර ක්ෂේත්රයේ වර්ධනය හා සංවර්ධනය සඳහා CAFE 2026 සතු වැදගත්කම තවදුරටත් තහවුරු කරයි.
CAFE 2026 හරහා ශ්රී ලංකාවේ සූපවේදී දක්ෂතා, නවෝත්පාදන සහ ව්යාපාරික අවස්ථා ප්රවර්ධනය කරමින් දේශීය හා ජාත්යන්තර කර්මාන්ත සම්බන්ධතා ශක්තිමත් කිරීමට සංවිධායකයෝ අපේක්ෂා කරනි.
සූපවේදීන්, හෝටල් හා අවන්හල් හිමිකරුවන්, ආහාර නිෂ්පාදකයන්, සැපයුම්කරුවන්, බෙදාහරින්නන්, සිල්ලර වෙළෙඳුන්, ආයෝජකයන්, ක්ෂේත්රයේ වෘත්තිකයන්, සිසුන් සහ මහජනතාවට මෙම ප්රදර්ශනයට සහභාගී වී නව නිෂ්පාදන, තාක්ෂණයෙන් සහ ව්යාපාරික අවස්ථා අත්විඳින ලෙස සංවිධායකයෝ ආරාධනා කරනි.
Culinary Art Food Expo 2026 – කර්මාන්ත ශාලාවේ සිට කෑම මේසය දක්වා.
උත්සව විස්තර
දිනය: 2026 නොවැම්බර් 27-29
ස්ථානය: බණ්ඩාරනායක ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාව (BMICH), කොළඹ
මාධ්ය සම්බන්ධතා
CDC Events & Travels (Pvt) Ltd
CAFE 2026 ප්රදර්ශන ලේකම් කාර්යාලය
විද්යුත් තැපෑල : cafe@cdcevents.net
ක්ෂණික ඇමතුම්: +94 77 279 6915 | +94 76 825 5583
වෙබ් අඩවිය : www.culinaryart.lk
