
සිල්ලර වෙළෙඳාම හා මූල්‍ය සේවා එක්තැන් කළ නව අත්දැකීමක් කරන්දෙණියට ගෙන එන FLi Super
ජනතාවට පහසු, විශ්වාසදායක සහ නවීන සාප්පු සවාරි අත්දැකීම් මෙන්ම මූල්‍ය සේවාද සපයන සපයන , Future Life Holdings සමුහයේ FLi Super සුපිරි වෙළෙඳසැල් ජාලයේ 19 වැනි ශාඛාව පසුගියදා කරන්දෙණියේදී විවෘත විය.
කරන්දෙණිය ප්‍රදේශවාසී ජනතාවගේ විශාල සහභාගීත්වයකින් යුක්තව පැවති මෙම විවෘත කිරීම, ප්‍රජාවට වැඩිමනත් පහසුකම් සහ අවස්ථා සපයාදිමේ Future Life දැක්ම තවදුරටත් ශක්තිමත් කළ අවස්ථාවක් විය.
මෙම සුපිරි වෙළඳසල් සංකල්පයේ විශේෂත්වය වන්නේ FLi Super හා FLiCo ඉලෙක්ට්‍රොනික උපකරණ අංශය මෙන්ම Future Life Investments Ltd. (FLi) මූල්‍ය සේවා එකම වහලක් යටදී ලබාදීමයි. එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩ, නැවුම් ආහාර මෙන්ම ගුණාත්මක විදුලි හා ගෘහ උපකරණද මිලදී ගැනීමට හැකි අතර, තෝරාගත් භාණ්ඩ සඳහා පොලී රහිත වාරික පහක ගෙවීමේ පහසුකමද ලබාදී ඇත. ඒ සමඟම පාරිභෝගිකයින්ට වගකීමෙන් යුතු මූල්‍ය සේවාවන් ද එම ස්ථානයේදීම ලබාගැනීමේ හැකියාව ඇත.
ගොඩනැගිල්ලේ ඉහළ මහලේ පිහිටි Future Life Investments ශාඛාව ව්‍යවසායකයින්, ස්වයං රැකියාවල නියුතු පුද්ගලයින්, දෛනික වැටුප් ලබන්නන්, වැටුප්ලාභීන් සහ පවුල් සඳහා වගකීමෙන් යුතු ණය පහසුකම්, ඉතිරි කිරීමේ සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීම සහ මූල්‍ය උපදේශන සේවා සපයමින් මූල්‍ය ඇතුළත්කරණය ඉහළ නැංවීමට දායක වේ.
මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ FLi Trading මෙහෙයුම් අධ්‍යක්ෂ හංස ජයර්වධන මහතා පැවසුවේ, “අපගේ අරමුණ සෑම ප්‍රදේශයකම පාරිභෝගිකයින්ට පහසු, විශ්වාසදායක සහ වටිනා සේවාවක් ලබාදීමයි. කරන්දෙණියේ 19 වැනි FLi Super ශාඛාව විවෘත කිරීම එම දැක්මේ තවත් වැදගත් පියවරක්,” බවයි.
Future Life Investments මෙහෙයුම් අධ්‍යක්ෂ ජනක කුමාර මහතා සඳහන් කළේ, “සිල්ලර වෙළෙඳාම සහ මූල්‍ය සේවාවන් එක්තැන් කරමින් ජනතාවට දෛනික අවශ්‍යතා, පහසු ගෙවීම් ක්‍රම සහ වගකීමෙන් යුතු මූල්‍ය විසඳුම් එකම ස්ථානයකින් ලබාදීම අපගේ අරමුණයි. එය ප්‍රජාවගේ ආර්:sක ශක්තිය ර්වධනය කිරීමට දායක වෙනවා.” යනුවෙනි.
FLi Trading මානව සම්පත් ප්‍රධානී ඉන්දික බණ්ඩාර මහතාද අදහස් දක්වමින්, “FLi Super හි අපට වැදගත් වන්නේ භාණ්ඩ විකිණීම පමණක් නොව, පාරිභෝගිකයන්ට විශ්වාසය, පහසුව සහ උසස් සේවාවක් ලබාදීමයි,” යනුවෙන් පැවසීය.
Future Life සමූහයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක මෙම ඒකාබද්ධ සිල්ලර හා මූල්‍ය සේවා සංකල්පය ශ්‍රී ලංකාව පුරා තවදුරටත් ව්‍යාප්ත කිරීමට සමාගම සැලසුම් කර ඇත..
