විබ්මෝ චටරිස් රිස්ක් ටෙක්100 සම්මානය දිනා ගනී

විබ්මෝ චටරිස් රිස්ක් ටෙක්100 සම්මානය දිනා ගනී

පේයූ (PayU) සමාගමට අයත්, ගෝලීය පේටෙක් (PayTech) සේවා සපයන ප්‍රමුඛතම ආයතනයක් වන විබ්මෝ (Wibmo), චටරිස් රිස්ක් ටෙක්100® 2027 (Chartis RiskTech100® 2027) යටතේ පැවැති ඇගයීම්වලදී වර්ක්ෆ්ලෝ, ඒජෙන්ටික් ඒඅයි සහ ලෝ-කෝඩ්/නෝ-කෝඩ් (Workflow, Agentic AI, and Low-Code/No-Code Innovation) නවෝත්පාදනය වෙනුවෙන් පිරිනමන චටරිස් රිස්ක් ටෙක්100® 2027(Chartis Disruptor) සම්මානය දිනා ගැනීමට සමත්ව ඇත.

මෙම සම්මානය චටරිස් රිස්ක් ටෙක්100® 2027 සඳහා අලුතින් හඳුන්වා දුන් විශේෂිත කාණ්ඩයක් වන අතර, අවදානම් තාක්ෂණ ක්ෂේත්‍රය (RiskTech) තුළ ව්‍යාපාරික ක්‍රියාවලීන් නූතන පරිවර්තනයකට ලක්කරන නවෝත්පාදක සමාගම් ඇගයීම මෙහි ප්‍රධාන අරමුණයි.

බුද්ධිමත් ඒඅයි නියෝජිත ‘ඒරියා’ (ARIA) හි කාර්යභාරය

විබ්මෝ සමාගම වෙත මෙම ඇගයීම හිමිවූයේ, එහි ප්‍රමුඛතම විබ්මෝ ඒජෙන්ටික් රිස්ක් ඉන්ටෙලිජන්ස් ඇසිස්ටන්ට් (Wibmo Agentic Risk Intelligence Assistant – ARIA) සහ පුළුල් වංචා හා අවදානම් කළමනාකරණ පද්ධති සමූහය හරහා සිදු කළ විප්ලවීය කාර්යභාරය වෙනුවෙනි.

‘ඒරියා’ (ARIA) පද්ධතිය නිර්මාණය කර ඇත්තේ විශේෂිත AI නියෝජිතයන් (AI Agents) හරහා වංචා වැළැක්වීම, මුදල් විශුද්ධිකරණයට එරෙහි ක්‍රියාමාර්ග (AML), අවදානම් විශ්ලේෂණය සහ ආරවුල් නිරාකරණය සඳහා සහාය වීමටයි. මෙය හරහා අදාළ අවදානම් සංඥා එක්රැස් කිරීම, සංකීර්ණ විමර්ශන සාරාංශ කිරීම, සැක කටයුතු රටා හඳුනා ගැනීම, සාක්ෂි මත පදනම් වූ සොයාගැනීම් කෙටුම්පත් කිරීම, ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සිදු කරනු ලබයි.

මානව මූලිකත්වය සහ නම්‍යශීලී පාලන ප්‍රවේශය

මෙම නවීන පද්ධතිය සම්පූර්ණයෙන්ම “මිනිසුන්ගේ මූලිකත්වයෙන්” (Human-in-the-loop) ක්‍රියාත්මක වන ආකෘතියක් මත ගොඩනඟා ඇත. AI නියෝජිතයන් විසින් විමර්ශන සහ කෙටුම්පත් සැකසීමට සහාය වන අතර, අවසාන තීරණ ගැනීමේ සම්පූර්ණ බලය සහ වගකීම මානව කණ්ඩායම් සතුව පවතී. මේ සඳහා ‘මේකර්-චෙකර්’ පාලන, සාක්ෂි සහිත නිර්දේශ සහ විගණනයට පහසු තීරණ වාර්තාකරණය භාවිත වේ.

එමෙන්ම, ලෝ-කෝඩ්/නෝ-කෝඩ් (Low-Code/No-Code) සහ BPMN මත පදනම් වූ වර්ක්ෆ්ලෝ පහසුකම් නිසා, පුළුල් තාක්ෂණික වෙනස්කම් සඳහා කාලය හා පිරිවැය වැය නොකර, වෙනස් වන ව්‍යාපාරික අවශ්‍යතාවලට අනුව අවදානම් උපායමාර්ග නම්‍යශීලීව සකසා ගැනීමට බැංකු සහ මූල්‍ය ආයතනවලට හැකියාව ලැබේ.

“අවදානම මත පදනම් වූ සත්‍යාපනය සහ ඒජෙන්ටික් ඒඅයි සඳහා සිදු කළ ආයෝජන මඟින් ගනුදෙනු මට්ටමේ බුද්ධිය කෙරෙහි විබ්මෝ හි අවධානය පැහැදිලි වේ. වර්ක්ෆ්ලෝ, ඒජෙන්ටික් ඒඅයි සහ ලෝ-කෝඩ්/නෝ-කෝඩ් කාණ්ඩයේ ඩිස්රප්ටර් සම්මානය මෙන්ම දකුණු ආසියාවේ කලාපීය නායකත්වය සහ විශිෂ්ටත්වය සඳහා වන සම්මානය ද දිනා ගැනීමට එය හේතු වී ඇත.”

— පිලිප් මැකෙන්සි, ප්‍රධාන පර්යේෂක, චාර්ටිස් රිසර්ච්

“අවදානම් මෙහෙයුම් ස්ථාවර, අතින් සිදු කරන ක්‍රියාවලීන්ගෙන් බුද්ධිමත්, අවශ්‍යතාව අනුව වින්‍යාස කළ හැකි සහ නිසි පාලනයක් සහිත වර්ක්ෆ්ලෝ වෙත පරිවර්තනය වෙමින් පවතී. වගවීම, විනිවිදභාවය සහ පාලනය අඛණ්ඩව පවත්වා ගනිමින් වංචා සම්බන්ධ මෙහෙයුම් ශක්තිමත් කිරීමට මූල්‍ය ආයතනවලට සහාය වීම සඳහා අප සතු කැපවීම මෙම ඇගයීමෙන් පිළිබිඹු වේ.”

— ශෛලේෂ් පෝල්, ප්‍රධාන විධායක නිලධාරී, විබ්මෝ

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )