ජාතික ගුවන්විදුලිය ප්‍රථම විරිඳු ගායිකා ශ්‍රීමතී පෙරේරා මහත්මියගේ මෙහෙවර ඇගයයි

ජාතික ගුවන්විදුලිය ප්‍රථම විරිඳු ගායිකා ශ්‍රීමතී පෙරේරා මහත්මියගේ මෙහෙවර ඇගයයි

රේඩියෝ සිලෝන් හෙවත් වත්මන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රථම විරිඳු ගායිකාව වූ ශ්‍රීමතී පෙරේරා මහත්මියගේ අග්‍රගණ්‍ය කලා මෙහෙවර ඇගයීමේ උත්සවයක් සහ ඇයගේ ආලේඛ්‍ය ඡායාරූපය විවෘත කිරීම අද දින ගුවන්විදුලි සංස්ථා පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම අවස්ථාව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මැතිනියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

විරිඳු ගායන කලාව පුරුෂාධිපත්‍යයට නතුව තිබූ යුගයක, තමන්ටම ආවේණික වූ මියුරු විරිඳු ගායන ශෛලියක් ගුවන්විදුලියට හඳුන්වා දෙමින් ක්ෂේත්‍රයට පිවිසි ශ්‍රීමතී පෙරේරා මහත්මිය, 1950 දශකයේදී මෙරට ශ්‍රාවක හදවත් අතර ඉහළම ජනප්‍රියතාවක් දිනාගැනීමට සමත් වූවාය. වසර 27ක කෙටි ආයු කාලයකින් අකාලයේ මෙලොවින් සමුගත්තද, ඇය විසින් දේශීය සංගීත ක්ෂේත්‍රය තුළ තබන ලද අප්‍රමාණ කලාත්මක සලකුණ යළි ආවර්ජනය කරමින් මෙම ඇගයීම සිදු කරන ලදී.

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති මහාචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර මහතා ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලය සහ නව මාධ්‍ය ඒකකයේ ප්‍රධානී ඉරේෂ් ජයසිංහ මහතා  විසින් මෙම උත්සවය සංවිධානය කර තිබූ අතර, ඒ සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා, ශ්‍රීමතී පෙරේරා මහත්මියගේ පවුලේ ඥාතීන්, ගුවන්විදුලි සංස්ථාවේ නිලධාරීන් මෙන්ම මාධ්‍යවේදීහු රැසක් ද සහභාගී වී සිටියහ.

 

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )