
මෙවර NHRC 2026 හී තේමාව වශයෙන් “The Human Edge in the Age of AI” (කෘත්‍රිම බුද්ධි යුගයේ මානව අගය) තෝරා ගැනේ
ශ්‍රී ලංකා වරලත් පිරිස් කළමනාකරණ ආයතනය (CIPM Sri Lanka) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන “ජාතික මානව සම්පත් සම්මේලනය” (National HR Conference – NHRC) 2026, එළඹෙන ඔක්තෝම්බර් මස Monarch Imperial හෝටල් පරිශ්‍රයේ දී පැවැත් වීමට නියමිතය. මෙවර සම්මේලනයේ තේමාව වශයෙන් “The Human Edge in the Age of AI” (කෘත්‍රිම බුද්ධි යුගයේ මානව අගය) තේරී පත් විය.
මෙම සම්මේලනය පවත්වනු ලබන්නේ, සේවා යෝජකයන් විසින් AI පිළිබඳව (කෘතිම බුද්ධිය) මූලික අවධනය යොමු කළ යුතු තීරණාත්මක කාලපරිඡ්චේදයකදී ය. කෘත්‍රිම බුද්ධිය (AI) මඟින් පෙර කිසිදා නොවූ විරූ වේගයකින් සේවා ස්ථාන පරිවර්තනය කරමින් පවතින අතර, පරිපාලන කටයුතු බොහෝමයක් ඇල්ගොරිතමවලට භාරවෙමින් ඇත. ලෝක ආර්ථික සංසදය අනාවැකි පළ කරන්නේ මෙම දශකය තුළ කෘතිම බුද්ධිය හරහා නව රැකියා මිලියන 170ක් නිර්මාණය වන අතර පවතින රැකියා මිලියන 90කට අධික ප්‍රමාණයක් අහිමි විය හැකි බවය. කෙසේ නමුත් එම රැකියා අහිමි වන පුත්ගලයන් හට නව අවස්ථාවන් වෙත සාර්ථකව ප්රවිශ්ඨ වීම පහසු කටයුත්තක් නොවේ. එම පරතරය පිරවීම තාක්ෂණික ගැටලුවක් නොව, සැබවින්ම එය මානව වගකීමකි. මෙවර NHRC 2026 හී මූලික අවධානය යොමු වන්නේ රැකියා අහිමිවීම සඳහා පාදක වන මෙම ගැටලුව පිළිබන්ඳවය.

“මානව බුද්ධිය’ නායකත්වය දෙයි, ‘කෘත්‍රිම බුද්ධිය’ ක්‍රියාත්මක කරයි”.
එය නම්, මානව බුද්ධිය නායකත්වය දරන අතර, කෘත්‍රිම බුද්ධිය ක්‍රියාත්මක කරයි. එහිදී මිනිස් බුද්ධිය නායකත්වය දරන අතර කෘතිම බුද්ධිය හරහා එය ක්‍රියාතමක කරවනු ලබයි. වර්තමාන ලෝකය තුළ, කෘතිම බුද්ධිය යනු වේගවත් හා ප්‍රබල මෙවලමකි. කෙසේ නමුත් එය මෙහෙය විය යුත්තේ මිනිස් මනස හා හදවත පෙරදැරිවයි. එසේම එහි ප්රතිඵලවල වගකීම මිනිස් නායකත්වය විසින් භාර ගත යුතුය. සහකම්පනය, නිවැරදි විනිශ්චය, සදාචාරාත්මක ධෛර්යය සහ සංකීර්ණ මානව යතාර්ථයන් අවබෝධ කර ගැනීම වැනි හැකියාවන් අපට පසක් පසක්කරනු ලබනේ, තාක්ෂණයට මැදිහත් විය හැකි වපසරිය තවමත් සීමා සහිත බවයි. අනාගතයේ සාර්ථක වන ආයතන වන්නේ AI මෙවලම් ඉක්මනින් අනුගමනය කරන ආයතන නොව, ඒවා ප්‍රඥාවෙන් යුතුව පාලනය කරන මිනිසුන් සහිත ආයතනයි.
මෙහිදී ගම්‍ය වන වැදගත් ප්‍රශ්නාර්ථය නම්න් කිසියම්, කිසියම් තීරණයක අවසාන වගකීම දරන්නේ කවුද යන්නයි. යන්ත්‍රවලට අතිශය වේගයෙන් නිරීක්ෂණ සහ නිර්දේශ ඉදිරිපත් කළ හැකිය. නමුත් මිනිස් ජීවිතවලට බලපාන තීරණයක සදාචාරාත්මක වගකීම අත්‍යන්තයෙන්ම පැටවෙනුයේ මිනිස් කර මතය. ලොව පුර පවතින නියාමන ආයතන, රැකියා සම්බන්ධ AI පද්ධති “ඉහළ අවදානම්” ලෙස වර්ගීකරණය කරමින් ඒවාට මානව අධීක්ෂණය අනිවාර්ය කර ඇත. එබැවින් මානව සම්පත් වෘත්තිකයන් තවදුරටත් අවසාන අධිකාරි බලය හොබවයි.
කෘත්‍රිම බුද්ධිය තර්ජනයක් නොව, උත්ප්‍රේරකයකි
මානව සම්පත් වෘත්තිකයන් සඳහා AI තාක්ෂණය තර්ජනයක් ලෙස නොව, වෘත්තීයමය උත්ප්‍රේරකයක් ලෙස සැලකිය හැකිය. මේ හරහා පරිපාලනමය බර අඩුවීමත් සමඟ මානව සම්පත් වෘත්තිකයන්ට සිය ක්ෂේත්රය තුළ අනන්‍ය නායකත්වය, සංස්කෘතික පරිවර්තනය, කුසලතා සංවර්ධනය සහ සේවක සුබසාධනය මෙහෙයවීමෙහිලා සිය ප්රමුඛ අවධානය යොමු කිරීමට හැකියාව ලැබේ.
අද වන විට AI සාර්ථකත්වයට ඇති ප්‍රධාන බාධාව ලෙස හඳුනා ගෙන ඇත්තේ ශ්‍රම බලකායේ සූදානමයි. එම නිසා මානව සම්පත් ක්ෂේත්රයට පෙර නොවූ විරූ වගකීමක් පැවරී ඇත. ජාත්‍යන්තර පර්යේෂණ මෙම අදහස තහවුරු කරයි. ලෝක ආර්ථික සංසඳයේ පර්යේෂණ හරහා පෙන්වා දෙන්නේ සේවා යෝජකයන්ගෙන් 40%කට ආසන්න පිරිසක්, පරිවර්තනය සඳහා ඇති ප්‍රධාන බාධාව ලෙස තාක්ෂණික සීමාවන් (technology limitations) නොව, කුසලතා පරතරය (skill gaps) දක්වන බවයි. අධ්‍යයනයන්ට අනුව ප්‍රධාන විධායක නිලධාරීන්ගෙන් හතරෙන් තුනක් ම සිය AI උපායමාර්ගවල ප්රමුඛ නායකත්ව ගුණාංගය ලෙස සහකම්පනය හඳුනාගෙන ඇත.

මනසත් හදවතත් එක් කරන වේදිකාවක්
මෙම තේමාව පිළිබඳ අදහස් දක්වමින් CIPM සභාපති සහ NHRC 2026 තාක්ෂණික කමිටුවේ සභාපති ආචාර්ය නීල් බෝගහලන්ද මහතා මෙසේ පැවසීය: “මෙම තේමාව තෝරා ගත්තේ අනාගතයේ සැබෑ තරඟය මිනිසුන් සහ යන්ත්‍ර අතර නොවන බව අප විශ්වාස කරන නිසයි. එය තාක්ෂණය වෙත තම විනිශ්චය භාරදෙන ආයතන සහ තම ආයතන තුළ මානව විනිශ්චය ශක්තිමත් කරන ආයතන අතර තරඟයකි. අපගේ වැඩසටහනෙන් මානව සම්පත් නායකයන්ට කුසලතා වර්ධන ක්‍රමවේද, පාලන රාමු සහ ප්‍රායෝගික මෙවලම් ලබා දේ. අපගේ අරමුණ වන්නේ මීට සහභාගී වන නියෝජිතයින් මින් පිටවන විට, අවශ්‍ය මොහොතවල්වල දී යන්ත්‍රවලට ‘නැහැ’ කීමට හැකි විශ්වාසය ලබාගෙන පිටව යනු දැකීමයි.
NHRC 2026 වැඩසටහන සැලසුම් කර ඇත්තේ මෙම දර්ශනය ක්‍රියාවට නැවීමටයි. මෙම සැසියට මහාචාර්ය හරීන් සෙල්ලහේවා විසින් ඉදිරිපත් කරන ප්‍රායෝගික ක්‍රියාමාර්ග මාර්ගෝපදේශයක් ඇතුළුව, ශෙහාරා ද සිල්වා, කුල් මහායි, රංජන් ද සිල්වා සහ මහාචාර්ය අජන්ත ධර්මසිරි යන කීර්තිමත් කථිකයන්ගේ දේශන ද ඇතුළත් වේ. එමෙන්ම Mercer ආයතනය විසින් දත්ත පදනම් කරගත් විශ්ලේෂණයක් ඉදිරිපත් කරන අතර, ශ්‍රී ලංකාවේ ශ්‍රම වෙළඳපොළ යතාර්ථයන්, දක්ෂතා ගලායෑම් සහ පිරිවැය අභියෝග පිළිබඳව සාකච්ඡා කරනු ලබන HR Heads Forum සහ Business Leaders Forum යනුවෙන් සංවාද මණ්ඩප දෙකක්ද ඇතුළත් වේ.

මානව සම්පත් විශිෂ්ටත්වය: The Great HR Debate and National HR Exhibition 2026
ප්‍රධාන සැසි වලට සමගාමීව, මානව සම්පත් විශිෂ්ටත්වය තහවුරු කෙරෙන තවත් විශේෂ වැඩසටහන් රැසකින් NHRC 2026 සමන්විත වේ. එහි ප්‍රධාන අංගයක් වන්නේ The Great HR Debate 2026 විවාද තරඟාවලියයි. මෙය ශානක ප්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් පැවැත්වේ. අගෝස්තු 11 වැනිදා ආරම්භ වූ මෙම විවාද තරගාවලිය සඳහා ආයතනික කණ්ඩායම් 14ක් සහභාගී වෙයි. මෙම තරගාවලිය Toastmasters International District 82 සමඟ එක්ව සංවිධානය කර ඇති අතර, නිල පුහුණු හා ඇගයීම් හවුල්කරු ලෙස කටයුතු කරමින් සන්නිවේදන ප්රමිතීන් ඉහළ මට්ටමක පවත්වා ගැනීමට British Council Sri Lanka දායක වේ. එමෙන්ම National HR Exhibition 2026 ප්‍රදර්ශනය තුළින් කර්මාන්තයේ නවතම නවෝත්පාදන සහ විසඳුම් දැකගැනීමේ අවස්ථාව සහභාගී වන්නන්ට පිරිනැමේ. මෙම ප්‍රදර්ශනය ඩවීනා කර්න් මහත්මියගේ නායකත්වයෙන් මෙහෙයවනු ලැබේ.

නිල හවුල්කරුවන්ට කෘතඥතාව
මෙවැනි දැවැන්ත සම්මේලනයක් සාර්ථකව සංවිධානය කිරීමට ශක්තිමත් ආයතනික හවුල්කාරිත්වයන් අත්‍යවශ්‍ය වේ. NHRC 2026 සඳහා සහාය දක්වන සියලුම නිල හවුල්කරුවන් වෙත CIPM ප්‍රධාන විධායක නිලධාරී යූ.ඒ.සී. ඔබේසේකර මහතා CIPM හි කෘතඥතාව පළ කළේය.
CIPM ආයතනය විසින් NHRC 2026 හි ප්‍රධාන උත්සව සහකරු (Lead Event Partner) ලෙස එක්වූ හැටන් නැෂනල් බැංකුව (HNB) වෙත සිය ගෞරවනීය ස්තූතිය පිරිනමයි.
එමෙන්ම, උපායමාර්ගික විද්‍යුත්-ඉගෙනුම් සහකරු (Strategic e-Learning Partner) ලෙස Layup, උපායමාර්ගික තාක්ෂණික සහකරු (Strategic Technology Partner) ලෙස BIPO, සහ උපායමාර්ගික මුද්‍රිත මාධ්‍ය සහකරු (Strategic Print Media Partner) ලෙස විජය පුවත්පත් සමාගම යන උපායමාර්ගික සහකරුවන්ට ද ආයතනයේ ස්තූතිය හිමිවේ.
තවද, NHRC 2026 හි නිල සහකරුවන් (Official Partners) ලෙස එක්වූ බ්‍රිතාන්‍ය කවුන්සිලය (නිල පුහුණු සහ ඇගයීම් සහකරු), Jobdaddy.lk (නිල රැකියා සහකරු), Thyaga.lk (නිල තෑගි සහ උපහාර සහකරු), ආසිරි හොස්පිටල් හෝල්ඩින්ග්ස් (නිල සෞඛ්‍ය සංරක්ෂණ සහකරු), Brandix (නිල ගෝලීය ඇඟලුම් විසඳුම් සහකරු), PickMe (නිල ප්‍රවාහන සහකරු) සහ Monarch Imperial (නිල ආගන්තුක සත්කාර සහකරු) යන ආයතන ද CIPM ආයතනය විසින් මෙහිදී ඇගයීමට ලක් කරයි.
සහ-අනුග්රාහකයන් (Co-Sponsors) ලෙස දායක වූ Omega Line, සෙලාන් බැංකුව සහ ඩේවිඩ් පීරිස් මෝටර්ස් යන ආයතන වෙත ද අපගේ ස්තූතිය පිරිනමන්නෙමු.
NHRC 2026 සඳහා ලියාපදිංචි වීමේ කටයුතු නුදුරේදී ම ආරම්භ වන අතර, සහභාගිවන්නන්, අනුග්රාහකයන් සහ හවුල්කාර සංවිධාන වැඩිදුර තොරතුරු සඳහා CIPM ශ්‍රී ලංකා අමතන ලෙස දැනුම් දෙනු ලැබේ.
