මහ මැතිවරණයක අවශ්‍යතාව හිටපු ජනපති පැහැදිළි කරයි
ජනාධිපතිවරයාගේ ප්‍රකාශ හරහා පැහැදිලි වන්නේ පාර්ලිමේන්තු මැතිවරණයකට අවශ්‍යතාවය බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඔහු මෙම අදහස් පළ කළේ ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් අතර පැවති සාකච්ඡාවකින් පසු මාධ්‍යයට අදහස් දක්වමින්ය.
අදාළ සාකච්ඡාවෙන් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විජේරාම මාවතේ පිහිටි නිල නිවසේ පැවති ඉස්ලාම් බැතිමතුන් රාමසාන් උපවාස සමය අවසන් කරමින් පවත්වනු ලබන ඉෆ්තාර් උත්සවයකටද එක්විය.