පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ සන්නාම තානාපතිවරුන් ලෙස ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙක්

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ සන්නාම තානාපතිවරුන් ලෙස ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළ මූල්‍ය සේවා සපයන්නෙකු වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමෙහි සන්නාම තානාපතිවරුන් ලෙස මෙරට ජනප්‍රිය සහ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙකු වන ධනංජය ද සිල්වා සහ කමිඳු මෙන්ඩිස් අත්සන් තබන බවට එම සමාගම විසින් නිවේදනය කර ඇත.

සමාගමෙහි සේවාවන් පුළුල් පිරිසක් වෙත ප්‍රවර්ධනය කිරීම සහ එහි ඉදිරි පැවැත්ම ශක්තිමත් කිරීම මෙමඟින් අරමුණු කොටගෙන ඇත.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ එක්දින සහ ටෙස්ට් උපනායක ලෙස කටයුතු කරන දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා ආක්‍රමණශීලි පිතිකරණය සහ ප්‍රබල දඟ පන්දු යැවීම සඳහා ප්‍රසිද්ධියට පත් අතරල මෑත කාලීනව කණ්ඩායමේ සාර්ථකත්වය වෙනුවෙන් අතිශයින් වැදගත් වු ක්‍රීඩකයෙකු විය. එසේම සුවිශේෂී පන්දු යවන්නෙක් ලෙස තමාටම ආවේණික නමක් දිනාගත්, එකම ඕවරයකදී දකුණතින් සහ වමතින් පන්දු යැවීමේ සුවිශේෂී හැකියාවක් සහිත කමිඳු මෙන්ඩිස් පන්දු යැවීම වෙනුවෙන් ජාතික කණ්ඩායමට නවතම බලාපොරොත්තුවක් එක් කරයි.

මෙරට ක්‍රිකට් ප්‍රේක්ෂකයන් අතර අතිශය පිළිගැනීමට සහ ගෞරවාදරයට පාත්‍ර වූ ක්‍රීඩකයන් දෙදෙනෙකු මෙලෙස පීපල්ස් ලීසිං සමඟින් අත්වැල් බැඳ ගැනීම වැදගත් පියවරක් වන අතර, සන්නාම තානාපතිවරුන් ලෙස ඔවුන් විවිධ අලෙවිකරණ සහ ව්‍යාපාර ප්‍රවර්ධන කටයුතු මෙන්ම විශිෂ්ඨත්වය සහ නවෝත්පාදනය වෙනුවෙන් සමාගමේ අඛණ්ඩ කැපවීම පිළිබිඹු කරයි.

මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමෙහි සභාපති ප්‍රදීප් අමිර්තනායගම් මහතා මෙසේ පවසයි.

“ධනංජය ද සිල්වා හා කමිඳු මෙන්ඩිස් අපගේ සන්නාම තානාපතිවරුන් ලෙස පත්වීම ගැන අපි සතුටු වෙනවා. ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ඨත්වය සේම සමාගමක් වශයෙන් අපගේ වටිනාකම් පිළිබිඹු කරනවා. විශ්වාසනීය මූල්‍ය සේවා සපයන්නෙකු ලෙස ස්ථාවර වෙමින්, වඩාත් අර්ථාන්විත ලෙස අපගේ ගණුදෙනුකරුවන් සමඟ සම්බන්ධව වීමට මෙම හවුල්කාරිත්වය උපකාරී වෙතැයි අපි විශ්වාස කරනවා”

මේ පිළිබඳව වැඩි දුරටත් අදහස් දක්වමින් පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සාමාන්‍යාධිකාරී සහ ප්‍රධාන විධායක නිලදාරී ෂමින්ද්‍ර මර්සිලින් මහතා මෙසේ පැවසීය.

“ධනංජය ද සිල්වා සහ කමිඳු මෙන්ඩිස් අපගේ ආයතනික විශිෂ්ඨත්වය, නවෝත්පාදනය සහ අඛණ්ඩතාව පිළිබඳ වටිනාකම් පිළිබිඹු කරන සුවිශේෂී ක්‍රිකට් ක්‍රීඩකයන්. ඔවුන්ව අපගේ සන්නාම තානාපතිවරුන් වශයෙන් පිළිගැනීමට ලැබීම ගැන අප සතුටු වෙනවා. ඔවුන්ගේ ජනප්‍රියත්වය සහ බලපෑම පුළුල් ප්‍රේක්ෂක පිරිසක් වෙත ළඟා වීමට සහ ශක්තිමත් සන්නාමයක් ගොඩනඟා ගැනීමට උපකාරී වනු ඇතැයි විශ්වාස කරනවා.”

ඊට ප්‍රතිචාර දක්වමින් ධනංජය ද සිල්වා සහ කමිඳු මෙන්ඩිස් මෙවන් අදහසක් දක්වන ලදී.

“සන්නාම තානාපතිවරුන් ලෙස පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම නියෝජනය කිරීමට ලැබීම අපට ගෞරවයක්. සමාගම සතු විශිෂ්ඨත්වය සහ නවෝත්පාදනය සඳහා වන කැපවීම බෙදා ගන්නා අතරමල ඔවුන්ගේ සේවාවන් ප්‍රවර්ධනය කිරීම මගින් ශ්‍රී ලංකාවේ පුද්ගලයින් සහ ව්‍යාපාර සවිබල ගැන්වීමේ ඔවුන්ගේ මෙහෙවර වෙනුවෙන් සහයෝගය ලබා දීම සඳහා එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා”

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම සහ මෙම ප්‍රමුඛ පෙළ ක්‍රිකට් ක්‍රීඩකයන් අතර වූ හවුල්කාරිත්වය මෙරට ක්‍රිකට් ප්‍රජාවට පමණක් නොව ඉන් ඔබ්බට ප්‍රබල බලපෑමක් ඇති කරන බව නිසැකය. සන්නාම තානාපතිවරුන්ගේ සහයෝගයද සමඟින් සමාගම සිය ගණුදෙනුකරුවන් වෙත නව්‍ය සහ විශ්වාසනීය මූල්‍ය විසඳුම් ලබා දීමට කටයුතු කරන අතරම ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට සහ සංවර්ධනයටද දායක වනු ඇත.

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී මෙරට ප්‍රමුඛ පෙළ බැංකු නොවන මූල්‍ය ආයතනයක් වන අතර මෙරට විශාලතම රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුව අනුබද්ධිත ආයතනයකි. වර්ෂ 1996 දී මෙහෙයුම් කටයුතු ආරම්භ කල පීපල්ස් ලීසිං සමාගම 2011 වසරේ කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තු ගත විය. පීපල්ස් ලීසිං සමාගම බංගලාදේශයේ විදේශීය ව්‍යාපාරයක් ඇතුළුව අනුබද්ධිත ක්ෂේත්‍ර හයක් හරහා විවිධාංගීකරණය වූ බැංකු නොවන මූල්‍ය බලවතෙක් බවට වර්ධනය වී ඇත.

CATEGORIES
TAGS
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )