ලංකාවේ පාපන්දුව උස්සන්න ඉන්දියාවේ NIVIA එක්වෙයි

Share Button

ඉන්දියාවේ සුප්‍රකට NIVIA පාපන්දුව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිල පාපන්දු ලෙස පිලිගනී. ඒ අනුව ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ නිල පාපන්දුව වන්නේ NIVIA පාපන්දුව බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සභාපති අනුර ද සිල්වා මහතා පවසයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ NIVIA පාපන්දු නිෂ්පාදන සමාගම නව Freewill Sports පවුද්ගලික සමාගම ඊට අදාළ ගිවිසුම අත්සන් තැබීමෙන් පසු පාපන්දු නිවහනේ පැවති මාධ්‍ය හමුවේදීය.

ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ ජලාධාර් හි පිහිටි Freewill Sports සමාගමේ ප්‍රධාන නිෂ්පාදනාගාරය පිහිටුවා ඇත. ඊට අතිරේකව තවත් නිෂ්පාදනාගාර හතක එම සමාගම ක්‍රිකට්, හොකී, බැඩ්මින්ටන්, බාස්කට් බෝල් සහ ටෙනිස් ක්‍රීඩා සඳහා වන ක්‍රීඩා පාවහන්, ඇඟළුම් හා ක්‍රීඩා උපකරණ නිපදවයි.

FIFA අනුමැතියලත් NIVIA පාපන්දුව ඉන්දියාවේ සුපර් ලීග්, යාරිස් ලාළිගා චැම්පියන්ස්, සන්ටොෂ් ජාතික ලීගයේ කුසලානයේ නිල පාපන්දුව ලෙස ද අද වන විට එය ඉන්දියාවේ නිල පාපන්දුව ලෙස ද පිළිගෙන ඇතැයි මෙම මාධ්‍ය සාකච්ජාවට එක්වූ සමාගමේ ප්‍රවර්ධන නියෝජ්‍ය සාමාන්‍යධිකාරී කිෂෝ කුමාර් මහතා පැවසීය.

මෙම NIVIA පාපන්දු සත්කාරය සමඟ Freewill Sports සමාගම මෙරටට පාපන්දු දහසක් ලබාදීම නොමිලේ සිදුකරන බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා මෙහිදී පැවසීය. ඒය සංකේතවත් කරමින් ප්‍රථම පාපන්දු ප්‍රධානය කිරීමද මෙහිදී සිදුකෙරිණ. මෙම අවස්ථාවට NIVIA ක්‍රීඩා භාණ්ඩවල නියෝජිත Colombo Sports හි අධ්‍යක්ෂ මිල්රෝයි පෙරේරා මහතා ද Freewill Sports සමාගමේ සොරාබ් ගුප්තා මහතාද එක්වුහ.

කතෘ : උපුල් ජනක ජයසිංහ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *