“ගාල්ල ලන්දේසි කොටුව අනාගත පරපුර උදෙසා” විද්වත් කතිකාවතක්

Share Button

යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස ජගත් ගෞරවාදරයට පාත්‍ර වී ඇති “ගාල්ල ලන්දේසි කොටුව” දැනට හඳුනාගෙන ඇති ලොව එකම සජීවී කොටු පරිශ්‍රය ලෙස බහුමානයට පාත්‍ර වී තිබේ. දක්ෂිණ ලංකාව මතු නොව අපේ රටටද ඉමහත් කීර්තියක් සලසමින් ශත වර්ෂාධික කාලයක් අවිච්ඡින්නව පැවත එන මෙම ගාලු කොටුවේ තිරසාර පැවැත්ම උදෙසා “විද්වත් කතිකාවතක්” බල ගැන්වීමට දකුණු පළාත් ආණ්ඩුකාරවර කීර්ති තෙන්නකෝන් මැතිතුමන් තීරණය කර තිබේ.

මේ අනුව ගාලු උරුමය පදනම, ගාලු මහ නගර සභාව, රාජ්‍ය ආයතන, ස්වේච්ඡා ආයතන සහභාගිත්වයෙන් “ගාලු ලන්දේසි කොටුව අනාගත පරපුර උදෙසා සුරක්ෂිත කිරීමේ විද්වත් කතිකාවත” – සමාරම්භක වැඩමුළුව 2019.03.14 දින ප.ව. 2.00 ට දකුණු පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට තීරණය කර තිබේ.

ඓතිහාසික ගාලු කොටුව, ඒ වටා බැඳී ඇති සංස්කෘතික කාරණා, අද දවසේ මෙම ඓතිහාසික උරුමය මුහුණ පා ඇති තර්ජන මෙන්ම අනාගත පරපුර වෙනුවෙන් මෙම මහඟු උරුමය ආරක්ෂා කිරීමට ‍ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී විද්වත් අවධානයට ලක්වන අතර, ගාලු උරුමය පදනම, ගාලු මහ නගර සභාව, රාජ්‍ය ආයතන, ස්වේච්ඡා ආයතන පාර්ශවකරුවන් කර ගනිමින් මෙම ලෝක උරුමයේ හෙට දවස සුරක්ෂිත කිරීමේ කතිකාවතක් මෙහිදී බල ගැන්වෙනු ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *