ශ්‍රී විද්‍යා විජය ආරාමයේ අභිනව විවෘත කිරීම් රැසක් ජනපති ප්‍රධානත්වයෙන්

Share Button

පාගොඩ ශ්‍රී විද්‍යා විජය ආරාමයේ අභිනව වාහල්කඩ, බෝධින්වහන්සේ වටා ඉදිකළ රන්වැට ආදි විහාරාංග රැසක් සග සතුකොට පූජා කිරිමේ පුණ්‍ය මහෝත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (20) පස්වරුවේ පැවැත්විණි.

අභිනව රන්වැට විවෘත කිරීමෙන් අනතුරුව බෝධින් වහන්සේ වෙත ප්‍රථම පුෂ්පෝපහාරය හා ගිලන් පස පූජාව ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණු අතර පාගොඩ ශ්‍රී විද්‍යා විජය ආරාමයේ විහාරාධිපති පූජ්‍ය කරගහඋල්පත සුගතනන්ද නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ.

අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා සහ සැදැහැවත් ජනතාව විශාල පිරිසක් මීට එක්ව සිටියහ.

ඡායාරූප : චන්දන පෙරේරා – ජනාධිපති මාධ්‍ය අංශය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *