මෛත්‍රී එක්ක වැඩ කරන්න මට බාධාවක් නෑ

Share Button

තමාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක්ව කටයුතු කිරීමට කිසිදු බාධාවක් නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද රාත්‍රියේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

තමාත් මෛත්‍රීපාල සිරිසේන මහතාත් එක්ව කටයුතු කර ඇති බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා අද සිටින්නේ තමා එදා සිටි පුටුවේ බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා එහිදී ප්‍රකාශ කර ඇත.

එබැවින් ජනාධිපතිවරයා සමග එක්ව රට ගොඩනැඟීමේ වැඩපිළිවෙල ඉදිරියට කරගෙන යන බවද අගමැති රාජපක්ෂ මහතා පවසා තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *