විදෙස් තානාපතිවරු රැසක් අගමැති රනිල් රැක ගැනීමට පෙරමුණට

Share Button

ඇමරිකාව, එක්සත් රාජධානිය, කැනඩාව ඇතුළු යුරෝපා සංගමයේ තානාපතිවරුන් අද දින සවස්වරුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසී ඇති අතර ඔවුන්ගේ සම්පුර්ණ සහය හිමි වන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට බව දැනුම්දී ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේදී කැඳවූ මෙම රාජ්‍ය තාන්ත්‍රික හමුවට ඉන්දියාව, ඇමරිකා එක්සත් ජනපදය යුරෝපා සංගමයේ රටවල්, කැනඩාව, ඔස්ට්‍රේලියාව, ජපානය, දකුණු අප්‍රිකාව සහ මහා බ්‍රිතාන්‍ය ඇතුළු තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් රැසක් සහභාගීවූ අතර රට තුල ව්‍යවස්ථානුකූල ක්‍රියාවලියක් සඳහා මෙන්ම ලක් රජය ජාත්‍යන්තරයට ලබාදී ඇති යහපාලන ප්‍රතිපත්ති සුරැකීම පිලිබඳ ඕනෑකමින් ක්‍රියාකරන බවද එහිදී ඔවුන් අවදාරණය කර සිටියේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *