වරාය පෞද්ගලික අංශයට දුන්නොත් වෘත්තීය ක්‍රියාමාර්ග

Share Button

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට බදුදීමට කැබිනට්ටුවේදී එරෙහිවීම සම්බන්ධයෙන් සිය කෘතඥතාව ජනාධිපතිවරයාට පළ කරන බවත් වරාය දේපල රහසිගතව පෞද්ගලික අංශය වෙත පැවරීමේ ක‍්‍රියාවලියක් සිදු කරන්නේ නම් ඉදිරියේදී දැඩි වෘත්තීය ක‍්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවත් සඳහන් කරමින් සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාට ලිපියක් යොමු කර ඇතැයි වාර්තාවේ.

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය විදේශීය සමාගම් වෙත බදුදීමක් සිදු වුවහොත් ජාතික ආර්ථිකයට විශාල හානියක් සිදුවනු ඇති බවත් වරාය තුල පවත්නා සියළු අංශයන් පවත්වා ගැනීමට නොහැකි වනු ඇති බවත් සංගමය පවසයි.

තවද කොළඹ වරායේ පිහිටි බණ්ඩාරණායක තටාකයද මගී පර්යන්තයක් ලෙස ගොඩනැගීම සඳහා පෞද්ගලික අංශය වෙත භාරදීමට යෝජනා වී ඇති බවට හෙලිදරව් වී ඇති අතර මෙකී කරුණු සලකා බැලීමේදී පැහැදිලි වන්නේ වරාය සංවර්ධනය කිරීම සඳහා කිසිදු සැලැස්මක් නොමැතිවීම බවත් එම ලිපියේ වැඩිදුරටත් සඳහන්වේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *