මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගය මේ වසර අවසන් විමට පෙර ජනතා අයිතියට

Share Button

මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගය මේ වසර (2018) අවසානයට පෙර ජනතා අයිතියට පවරන බව ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.

දුම්රිය මාර්ගයේ ඉදිකිරිම් වල ප්‍රගතිය සොයාබැලිම සදහා නිරික්ෂණ චාරිකාවකට එක්වෙමින් ඒ පිළිබඳ අදහස් දැක්වු ඇමතිවරයා කියා සිටියේ යෝජිත මාතර කතරගම දුම්රිය මාර්ගයේ පලමු අදියර මාතර බෙලිඅත්ත මාර්ගය බවත් එහි දුර කිලෝ මිටර් 36 ක් වන අතර දෙවන අදියර ලෙස කිලෝ මිටර් 48 ක් දුර බෙලිඅත්ත හම්බන්තොට මාර්ගය ඉදිකෙරෙන බවත් කිලෝ මිටර් 39ක් වන හම්බන්තොට කතරගම මාර්ගයේ තුන්වන අදියර ලෙස ඉදිකෙරෙන බවයි.

පලමු අදියර වන මාතර බෙලිඅත්ත මාර්ගය ඉදිකිරිමට වැය කෙරෙන මුදල ඇමරිකානු ඩොලර් විසිහත්කොටි අසුදෙලක්ෂයක් වන අතර චින එක්සින් බැංකුව මුල්‍ය ප්‍රතිපාදන සපයා ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *