මත් උවදුර මෙරටින් අතුගා දමන්නට හමුදාව මෙහෙයුම් අරඹයි

Share Button

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා අතර පැවැතී තීරණාත්මක සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මත්ද්‍රව්‍ය මුළුමනින්ම මැඩලීම සදහා හමුදාව යෙදවීමට තිරණය වී ඇතැයි වාර්තාවේ.

විශේෂයෙන්ම ජනාධිපතිවරයා හමුදාවට උපදෙස් ලබා දී තිබෙන්නේ රට තුළ තිබෙන මත්ද්‍රව්‍ය ඡාවාරම මුලිනුපුටා දැමිය යුතු බවත් අනාගත පරපුර මෙම වියසනයෙන් බේරා ගැනීමට මෙය අනිවාර්යෙන්ම සිදු කලයුතු බවත් ය.‍ ඒ අනූව ජනාධිපතිවරයා විසින් මේ සදහා වන විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කිරිමට නියමිතව ඇතැයි පැවසේ.

හමුදාපති මහේෂ් සේනානායක මහතා කියා සිටින්නේ මත්ද්‍රව්‍ය මැඩලීමේ මෙහෙයුම බාරගෙන සාර්ථකව එය අවසන් කිරිමට හමුදාව සූදානම් බවයි.

නමුත් මෙම තොරතුරු දැනගැනීමෙන් පොලිසියේ ඉහළ නිළධාරින් සහ මත්ද්‍ර්‍ය ඡාවාරාමට සහාය දෙන නිළධාරින්
දැඩි ලෙස බියට පත් ව ඇති බව ද වාර්තා වේ.පොලිසිය මෙලෙස හමුදාවට මත්ද්‍රව්‍ය මැඩීමේ මෙහෙයුම ලබා දීම පිළිබදව ද අප්‍රසාදය පල කර තිබේ.

නමුත් මේ සියල්ල ගණනකට නොගෙන ජනාධිපතිවරයා සහ හමුදාපතිවරයා එක්ව ලංකා ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය මැඩලීමේ මෙහෙයුම දියත් තිරිමට සියලු කටයුතු මේ වනවිටත් සූදානම් වෙමින් පවතී.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *