CINEC EDU Expo 2023 ජූලි මස 27, 28, 29  විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී

CINEC EDU Expo 2023 ජූලි මස 27, 28, 29 විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී

CINEC උසස් අධ්‍යාපන ආයතනය විසින් සංවිධානය කරනු ලබන නවෝත්පාදන සහ නව නිපැයුම් පිළිබඳ අධ්‍යාපන ප්‍රදර්ශනය 2023 අධ්‍යාපන ප්‍රදර්ශනය ජූලි මස 27, 28, 29 යන දිනවලදී මාළඹේ Cinec Campus පරිශ්‍රයේදී උදෑසන 08.30 සිට රාත්‍රී 07 දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

CINEC Campus හි සිසු සිසුවියන් විසින් කරන ලද නවෝත්පාදන හා නිර්මාණාත්මක ප්‍රදර්ශන කුටි විශාල සංඛ්‍යාවකින් සහ විවිධ වැඩමුළු හා ව්‍යාපෘතිවලින් මෙය සමන්විත වේ.

CINEC උසස් අධ්‍යාපන ආයතනයෙහි ප්‍රධාන පීඨ වන නාවික, ඉංජිනේරු, කළමනාකරණ, තොරතුරු තාක්ෂණ, සෞඛ්‍ය විද්‍යා, ඉංග්‍රීසි භාෂා, අධ්‍යාපන, ගුවන් යානා නඩත්තු ඉංජිනේරු පීඨවල අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් විසින් ඉදිරිපත් කරනු ලබන නිර්මාණාත්මක සහ නවෝත්පාදන ප්‍රදර්ශන කුටි එදින පැමිණෙන සිසු සිසුවියන් සහ ඔවුන්ගේ දෙමාපියන් සඳහා විවෘතව ඇති අතර මෙමඟින් විෂයානුබද්ධ සහ ඊට පරිබාහිර විශාල දැනුමක් ලැබිය හැකි බව Cinec Campusහි ජ්‍යෙෂ්ට උපදේශක අද්මිරාල් තිසර සමරසිංහ මහතා ප්‍රකාශ කළේය.

මේ ප්‍රදර්ශනය නැරඹීමට සහභාගී වන ලෙස Cinec Campusහි සියලුම පීඨාධිපතිවරු මහජනයාට ගෞරවයෙන් ආරාධනා කර සිටියි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )