සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ආයතනය නැවතත් ජාත්‍යන්තර ඇගයුමට

සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ආයතනය නැවතත් ජාත්‍යන්තර ඇගයුමට

ඉන්දියාවේ National Award for Excellence in Mumbai ආයතනය විසින් සංවිධානය කරන ලද National Award of Excellence 2023 සම්මාන උළෙලේ Sustainable Brand of the Year 2023 සම්මානය සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ආයතනය දිනා ගන්නා ලදී. ඉන්දියාවේ මුම්බායිහි පැවැත්වුණු මෙම සම්මාන උළෙලේදී ලෝකයේ ප්‍රධාන පෙළේ ආයතන රාශියක් සම්මානයට පාත්‍රවිය.

ආර්ථික අගහිඟකම්වලින් පෙලෙන ජනතාවගේ ජීවන තත්වය නඟා සිටුවමින් ඔවුන් ආර්ථිකමය වශයෙන් සවිබල ගැන්වීම ඉලක්ක කර ගනිමින් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ආයතනය මෙරට ප්‍රමුඛතම රක්ෂණ සේවා සම්පාදකයෙක් ලෙස ක්‍රියාත්මක වන අතර දෙස් විදෙස් සම්මානයන්ට පාත්‍ර වෙමින් පාරිභෝගික විශ්වාසය දිනාගනිමින් රක්ෂණ ක්ෂේත්‍රය තුළ තම අඛණ්ඩ වර්ධනය යළි යළිත් සනාථ කරමින් සිටී.

මෙම ජයග්‍රහණ පිළිබඳව අදහස් දක්වමින් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් හි ප්‍රධාන විධායක නිලධාරී කෙනඩි ජේ මයිකල් මහතා පවසා සිටියේ වසර ගණනාවක් පුරා ආයතනයේ ව්‍යාපාර කටයුතු කරගෙන යාමේදී තිරසාර සංවර්ධනයක් පවත්වාගෙන යාමේ ප්‍රතිඵලයක් ලෙස මෙම සම්මානයට පාත්‍ර වූ බවයි. එමෙන්ම මෙම ජයග්‍රහණය වෙනුවෙන් කැපවීමෙන් සේවය කළ ආයතනයේ ඉහළ කළමනාකාරීත්වයේ සිටි සියලුම සේවකයන්ට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන බව එතුමා වැඩිදුරටත් පවසා සිටියේය.

දිවයිනේ සීඝ්‍රයෙන් වර්ධනය වන ජීවන රක්ෂණ සමාගම ලෙසද ඇතුලුව විවිධ දෙස් විදෙස් සම්මාන රාශියක් දිනා ගනිමින් සමාගම රක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනස්කම් රැසක් සිදු කරමින් සිටින අතර මේ දිනවල තම ව්‍යාපාර කටයුතු දිවයිනේ සෙසු ප්‍රදේශවලටත් පුළුල් කිමේ අරමුණින් තම රැකියා අවස්ථා ඔස්සේ දක්ෂ වෘත්තිකයින් රටට දායාද කරමින් සිටි. සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ආයතනය තම ශාඛා ජාලය පුළුල් කිරීමේ කටයුතු තවදුරටත් සිදු කරගෙන යනු ලබන අතර මේ වන විට ශාඛා සීයකට ආසන්න ප්‍රමාණයක් දිවයින පුරා ව්‍යාප්ත කර ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සුවිශේෂී දායකත්වය සපයමින් සිටීයි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )