නෙල්සන් මැන්ඩෙලා ගිය මගෙහි යාමට ජනපති ලෝක නායකයින්ට ආරාධනා කරයි

Share Button

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ 73 වන මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව පැවැත්වෙන ගෝලීය සාමය සඳහා වූ නෙල්සන් මැන්ඩෙලා සාම සමුළුව තව සුළු මොහොතකින් ඇමතීමට නියමිතය.

එක්සත් ජාතීන්ගේ මුලස්ථාන පරිශ්‍රයේ එම සාම සමුළුව පැවැත්වෙන අතර ඒ සඳහා මේ වනවිට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී.

මේ අතරවාරයේ හදිසියේම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ මහතා කටයුතු කර තිබීම කාගේත් අවධානයට ලක්ව තිබේ.

ඉතා සුහද සාකච්ඡාවක් ලෙස එම හමුව සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විශේෂයෙන්ම මෙහිදී කැනඩා අග්‍රාමාත්‍යවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන ඒමට නියමිත රණවිරුවන් ආරක්ෂා කිරිම සදහා වන විශේෂ යෝජනාවලිය සම්බන්ධයෙන් කරුණු විමසා තිබේ.

එහිදි එම යෝජනාවට කැනඩා රජයේ පූර්ණ සහාය හිමි වන බවත් ශ්‍රි ලංකාව තුළ ජනාධිපතිවරයා ගෙන යන සංහිදියා ක්‍රියාවලිය ද අගයමින් ජනාධිපතිවරයාට සුබ පතා ඇති බවත් වාර්තා වේ.

ඒ අනුව තව සුළු මොහොතකින් එක්සත් ජාතීන්ගේ ප්‍රධාන සැසිවාරයට සමගාමීව පැවැත්වෙන ගෝලීය සාමය සඳහා වූ නෙල්සන් මැන්ඩෙලා සාම සමුළුව ඇරැඹෙන අතර එම සමුළුවේ විශේෂ දේශනයක් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදු කරනු ලබයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *