“අප්පච්චි ඇවිත්” ස්වර්ණ සම්මානයෙන් පිදුම් ලබයි

Share Button

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් සංවිධානය කර තිබු සිංහල නවකතා කලාවට පිදෙන ප්‍රකාශක උත්තමාචාරය “ස්වර්ණ පුස්තක” සම්මාන උළෙල සහ කළා මංගල්‍යය ඊයේ (15)පස්වරුවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වින.

අදින් එකොළොස් වසරකට පෙර (2007) ආරම්භ කර ඇති මෙම අභිමානවත් උළෙල වසරේ ප්‍රකාශිත හොඳම නිර්මාණාත්මක නවකතාවට පිරිනැමෙන ස්වර්ණ පුස්තක සම්මානය මුඛ්‍ය අරමුණ කරගත් උළෙලකි.

නවකතාව ජනතාවට වඩාත් ප්‍රියතාවයක් දැක්වීම පිණිසත් නිර්මාණ සාහිත්‍යාංග වඩ වඩාත් පුළුල් අයුරින් පාඨක ප්‍රජාව අතර ප්‍රචලිත කිරීමත් මෙහි තවත් අරමුණකි.

සමන් වික්‍රමාරච්චි මහතා විසින් රචිත ” අප්පච්චි ඇවිත් ” , දර්ශනා ශම්මි විපේතිලක මහත්මිය විසින් රචිත ” අසනග වැසි ” , ජයතිලක කම්මැල්ලවීර මහතා විසින් රචිත ” චක්‍ර ” , පද්මිණි සෙනෙවිරත්න මහත්මිය විසින් රචිත ” වරණ ” , විමල් උදය හපුගොඩආරච්චි මහතා විසින් රචිත ” යකඩ සිල්පර ” පොත් සම්මාන ප්‍රදානයට නිර්දේශ විය

12වන ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ පාදක මණ්ඩලයේත් මධ්‍ය මණ්ඩලයේත් උත්තරීතර මණ්ඩලයේත් තේරීම අනුව 2018 වසරේ හොඳම නවකතාවට හිමි සම්මානය සමන් වික්‍රමාරච්චි මහතා විසින් රචිත ” අප්පච්චි ඇවිත් ” නවකතාවට හිමි විය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *