ලාංකික තානාපති කාර්යාල සේවයින් තම මව් රටට පැමිණීම ප්‍රතික්ෂේප කරයි

Share Button

සේවා කාලය අවසන් වූ ඔස්ට්‍රියා තානාපති කාර්යාලයේ සේවය කරන ලාංකිකයින් තම මව් රටට පැමිණීමට අකමැත්ත පළ කර ඇති නමුත් විදේශ කටයුතු අමාත්‍යාංශය ලාංකික නිලධාරීන් පිරිස මෙරටට කැඳවීමට කටයුතු කර තිබේ.

නමුත් විවිධ කරුණු පෙන්වා දෙමින් එම නිලධාරීන් නැවත ලංකාවට පැමිණීමට සිය අකමැත්ත ප්‍රකාශ කර ඇතැයි රජයේ ආරංචි මාර්ග පැවසයි.

තම දරුවන් ඔස්ට්‍රියාවේ පාසල්වලට ඇතුළත් කර ඇති බැවින් නැවත ලංකාවට පැමිණිය නොහැකි බවත් තවත් පිරිසක් විවිධ පුද්ගලික හේතු දක්වා ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර එම නිලධාරීන්ට වසර 03ට අමතරව සේවා දිගුවක් ලබා දී ඇති අතර එම සේවා දිගුවේ කාළය මේවන විට අවසන් වී ඇති බවත් වාර්තා වේ.

මේවන විටත් ඒ වෙනුවට නව නිලධාරීන් පිරිසක් ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවයට අනියුක්ත කර ඇති බව වාර්තාවේ.

කෙසේ වෙතත් තානාපති සේවයේ නිලධාරියෙකු / සේවකයෙකු ලෙස අදාල විදෙස් රටකට පත්ව යන්නේ වසර 03ක කොන්ත්‍රාත් කාලයකට පමණකි.

එම සේවකයින්ට අදලා රටේ ස්ථීර පදිංචිය හිමි නොවන අතර වසර 03ක සේවා කාලය නිම වීමෙන් පසු නැවත ලංකාවට ‍ගෙන්වා තවත් විදේශ රටක තානාපති සේවයේ පිහිටුවීමට විදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු කරනු ඇත.

තවද මෙරටට පැමිණි පසු එම සේවකයින්ගේ දරුවන් කොළඹ ඉහල පෙලේ පාසල් වලට ඇතුළත් කර ගැනීමටද අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අවසර ලබාදී ඇති බව වරතවේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *