මංගලගෙ අභියෝගයට ගෝඨාට කටඋත්තර නැතිවෙයි

Share Button

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට කතරගම ප්‍රදේශයේ සුඛෝපභෝගී නිවසක් ඇති බවට සාක්ෂි සහිතව ඔප්පු කර හැකි යැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

ඒ මහතා මේ බව පවසා සිටියේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය මෙහෙයුම් ඒකකය විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමිනි.

මංගල සමරවීර මහතා මෙහිදි වැඩිදුරටත් කියාසිටියේ,

“අපි භාරගන්නකොට සත්‍යය කියන වචනයට බය ආණ්ඩුවක් තිබුණේ. ලසන්ත වීරතුංග මහත්මයා ගෝඨාභයට රාජපක්ෂ මිග් 16 ගනුදෙනුව ප්‍රථම වතාවට පුවත්පත් වල හෙළිදරව් කරා. ඒ චෝදනාව කරලා මාස කිහිපයක් යන්නත් ඉස්සෙල්ලා එතුමා ආරක්ෂක කලාපයේ අමු අමුවේ මැරුවා. අද ඕනෑම් කෙනෙකුට ඕනෑම විදියකට ලියන්න පුලුවන් කියන්න පුලුවන්. නමුත් මේවා අවාසනාවකට වගේ ගොඩාක් අයට පෙන්නේ නැහැ . මේ ආණ්ඩුවේ ඒ ලබාගන්නා වූ විශිෂ්ඨ ජයග්‍රහණ ගැන මුකුත් ලියන්නේ නැතුව අඩුවක් දැක්කොත් ඒ අඩුව ගැන ලියනවා. මම මීට සති දෙකකට ඉස්සෙල්ලා ගෝඨාභයට රාජපක්ෂ මැතිතුමාගේ තියෙන සියලුම නඩු අංක සහ ඒ සියල්ල මාධ්‍යයෙන් කිව්වා. ඇත්ත වශයෙන්ම මම සන්තෝෂ වෙනවා ඉලෙක්ට්‍රොනික් මීඩියා එකේ ඒක හොඳට දැක්කා. හැබැයි එක සිංහල පත්තරයක්වත් ගෝඨාභය රාජපක්ෂගේ හොරකං ගැන ලිවුවේ නැහැ.

ගෝඨාභය රාජපක්ෂ ඇවිල්ලා අභියෝග කළා මට එයාගේ නෝනගේ නිවස ඇරෙන්න වෙනත් නිවසක් තියෙනවනම් කියන්න කියලා. කරුණු, වීඩියෝ දර්ශණ සහිතව ලයිට් බිල් ඇතුව ගෝඨාභයට රාජපක්ෂ ආරක්ෂක ලේකම් හැටියට කතරගම මැණික් ගඟේ ඉවුරේ හදපු සුපොපබෝගී මහා මාලිගාව ගැන විස්තර තියෙනවා. එයා දැන් කියනවා එක මගේ නෙමෙයි කියලා මට මඩගහනවලු.

නමුත් මමත් අහනවා තමන්ගේ ගෙයක් නෙමෙයි නම් ලංකා විදුලිබල මණ්ඩලයට තියෙන අමාරුව මොකක්ද එතුමාගේ නමින් එතනට විදුලි බිලක් එවන්න. කුලී කාරයට එහෙම සාමාන්‍යයෙන් බිල් එවන්නේ නැහැ, අනිත් එක ඒ පැත්තේ අපේ හාමුදුරුවොත් කියනවා ඒකාලේ හමුදාව දාලලු ඒ මහා මාලිගාව හැදුවේ. ඇත්ත වශයෙන්ම අපේ ඇමතිවරුන්ට වගේ ආත්ම ගරුත්වයක් තියෙනවනම් ගෝඨාභයට රාජපක්ෂ දැන්වත් අර තමන්ගේ නිජබිමට වන ඇමරිකාවට යන්න ඕනේ.”

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *