ජගත් පරිසර දින සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

Share Button

මානව හා සත්ත්ව සංහතියේ සුරක්ෂිතභාවය රදා පවතින පරිසරයේ සුවිශේෂී වැදගත්කම කියාපාන ජගත් පරිසර දිනය ජූනි 05 වනදාට යෙදී තිඛෙන අතර ඒ නිමිත්තෙන් සංවිධානය කළ ජගත් පරිසර දින සැමරුම් උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 04 වැනිදා පෙරවරුවේ කෑගල්ලේදී පැවැත්විණි.

”ප්ලාස්ටික් අවභාවිතාව මගින් සිදුවන පරිසර දූෂණය පිටු දකිමු” යන්න මෙවර පරිසර දිනයේ තේමාවයි.

ගරු ජනාධිපතිතුමා විසින් සංකේතාත්මකව පැළයක් රෝපණය කරමින් ජගත් පරිසර දින සැමරුම් ජාතික උත්සවය ආරම්භ කෙරණි.

ප්‍රදේශයේ කසළ කළමනාකරණයට අදාළ පහසුකම් සැපයීම, පාසල් දරුවන් අතර පළතුරු පැල ඛෙදාදීම, පරිසර දිනයට සමගාමීව පවත්වන ලද තරගවල ජයග්‍රාහකයන්ට කුසලාන සහ ත්‍යාග ප්‍රදානය කිරීම සංකේතවත් කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

ප්‍රදේශයේ මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික පූජකවරුන් ද, අමාත්‍යවරුන් වන රංජිත් සියඹලාපිටිය, කබීර් හෂීම්, රවුෆ් හකීම්, රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක, ශ්‍රීයානි විෙජ්වික්‍රම, නියෝජ්‍ය අමාත්‍ය දුෂ්මන්ත මිත්‍රපාල, සබරගමුව පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක, පා.ම තුසිතා විෙජ්මාන්න යන මහත්ම මහත්මීන් ඇතුථ දේශපාලන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරින්, විදුහල්පතිවරුන්, පාසල් දරුවන් ඇතුථ විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප : සඳරුවන් අමරසිංහ – ජනාධිපති මාධ්‍ය අංශය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *