ජනපතිගෙන් පොලිස්පතිට සම්මානයක්

Share Button

මෙත් සවිය සංසඳයේ 15 වන සැමරුම හා මෛත්‍රී භූෂණ උපහාර උළෙල පසුගියදා (03) තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් විය.

එහිදී සමාජ උන්නතිය උදෙසා සිදු කළ මෙහෙය අගයමින් සම්මාන කිහිපයක් පිරිනැමුණු අතර ශාසන අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කළ ගිහි පින්වතුන්ට පිරිණැමෙන ගෞරව සම්මානය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා හට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි පිරිණැමිනි.

එහිදී පූජිත් ජයසුන්දර මහතා මෙසේ අදහස් දැක්වීය.

“ඉතාම දුර්ගන්ධය හමන අසූචි ගොඩක වැටිලා ඉන්න මනුස්සයෙක් නහය ගාවට එනකන් වටපිටාවේ යන්නවත් බැරි පරිසරයක් තියෙනකොට ටිකක් නුදුරින් පාරක යනවා සුදූ වස්ත්‍රයක් ඇඳ ගත්ත මනුස්සයෙක්. ඒ මනුස්සයාගේ සුදූ වස්ත්‍රය තුළ අහම්බෙන් වැටුණ මුත්‍රා බිඳුවක් තියෙනවා. මේක හොඳට පේනවා අර මනුස්සයාට. අර මනුස්සයා සියල්ල අමතක කරලා තමන් ඉන්නේ, ඇයි මෙහෙම වුණේ, කවුද මෙතනට දැම්මේ, මොකක්ද තමන්ට ලැබුණු දඬුවම සියල්ල අමතක කරලා අරක ගැන හෑල්ලු කරලා කෑ ගහලා කියනවා වටපිටාවේ ඉන්න අයට ඇහෙන්න අර බලපන්කො අර මනුස්සයා යන හැටි කැතේ බැහැ අහවල් දේ නිසා. එයා ඉන්නේ කොහෙද? මෙය අපේ සමාජයේ කීයෙන් කී දෙනෙකුට කොයි පමණකින් ගැළපෙනවද කියන එක ඔබ තීරණය කර ගත යුතුයි.”

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *