“දින 100” ගැන හරීන් කියයි

Share Button

යහපාලන ආණ්ඩුවේ දින 100 වැඩපිළිවෙළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නොවන බවත්,එය පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කිරීමට එක් වූ කණ්ඩායමේ වැඩක් බවත් එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ප්‍රකාශක හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය මෙහෙයුම් ඒකකය සමාජගත කිරීම සඳහා අද (04) සිරිකොත මූලස්ථානයේ පැවැති වැඩසටහනකට සහභාගි වෙමිනි.

දින 100 වැඩපිළිවෙළ මගින් ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට නොහැකි වූයේ රාජපක්ෂ කල්ලිය සමග සමහර පිරිස් මුක්කු ගැසීම නිසා බවද හෙතෙම මෙහිදී පවසා සිටියේය.

ආණ්ඩුව විසින් සිදු කළ බොහෝ වැඩ ජනමාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත් කිරීමට කටයුතු නොකළ බවත්, එහෙත් නව මාධ්‍ය වැඩපිළිවෙළ යටතේ සත්‍ය ජනතාව අතරට ගෙන යෑමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කරන බවත් හෙතෙම මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *