දිගම්බරම්ගෙන් ජනපතිට හා අගමැතිට ඉල්ලීමක්

Share Button

බැදුම්කර මුදල් වලින් අර්ජුන ඇලෝසියස් මහතාගෙන් මුදල් ලබා ගත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් රජයම විවේචනය කරමින් සිටින බව කදුරට නව ගම්මාන වතු යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් මහතා පැවසයි.

අමාත්‍යවරයා ඒ බැව් කියා සිටියේ ඉන්දියානු රජයේ අධාර යටතේ තලවකැලේ වටගොඩ ප්‍රදේශයේ ඉදි කරන නව නිවාස ව්‍යාපාතිය ආරම්භ කිරිමේ උත්සවයට අද (04) සහභාගි වෙමින් පැවැති ජන හමුවේදිය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා කියා සිටියේ අර්ජුන ඇලෝසියස් මහතාගෙන් තමන් හෝ දමිල ප්‍රගතිශිලි සන්ධානයේ කිසිදු මන්ත්‍රිවරයෙකු මුදල් ලබාගෙන නොමැති බවයි.

අර්ජුන ඇලොසියස් මහතාගෙන් මුදල් ලබාගෙන ඇමතිකම් දරමින් සිට ආණ්ඩුවෙන් ඉවත්ව ගිය ඇමතිවරුන්ට ඇමතිකම නොමැතිව සිටිමට නොහැකි බවත්, 2020 වසර වෙන තෙක් රජය තවදුරටත් බලයේ සිටින බවත් අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.

අර්ජුන ඇලෝසියස් මහතාගෙන් මුදල් ලබාගෙන ඇති පාර්ලිමේන්තු මන්ත්‍රිවරුනගේ නාම ලේකනයක් ඇත්නම් එය වහාම රටට හෙලි කරන ලෙස ජනාධිපතිවරයාගෙන් සහ අග්‍රාමාත්‍යවරයාගෙන් තමන් ඉල්ලිමක් කරන බව හෙතෙම වැඩි දුරටත් කියා සිටියේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *