පරිසරය වනසන කටුපොල් උඩරටත් ව්‍යාප්තවීමේ අවදානමක්

Share Button

පරිසරයේ විනාශයට බලපාන කටුපොල් වගාව උඩරට ප්‍රදේශයටද ව්‍යාප්තවීමේ අවදානමක් ඇති බව මානව සංවර්ධන සංවිධානයේ විධායක අධ්‍යක්ෂ පි.පි. සිවප්‍රගාසම් මහතා ප්‍රකාශ පවසයි.

මේ වන විට ගාල්ල හා කෑගල්ල ප්‍රදේශයේ මෙම ශාඛය ව්‍යාප්ත වී ඇති අතර මෙම කටුපොල් තෙල් නිපදවීම සඳහා යොදාගන්නා වගාවකි. මෙම වගාව ඉතා ලාභදායි ව්‍යාපාරයක් වුවද ඒ තුලින් විශාල පරිසරය හානියක් සිදුවේ.

මේ මඟින් අතුරු වගා විනාශ වන අතර යටිරෝපනය නැතිවීයාමත් ශාකය අවට ඇති පස් තට්ටුව වැලි බවට පරිවර්තනය වීමෙන් ගංගා ඇල දොල වැලි වලින් පිරී යාමේ අවදානම් සහගත තත්වයන් මෙම ශාක වියප්තියෙන් සිදුවේ.

තවද කපුටන්, සමනලයන්, කුරුල්ලන් හා කෘමින් වදවී යාමක් මේ තුලින් සිදුවේ. එමෙන්ම කටුපොල් ලෙල්ල ආහාරයට ගන්නා නිසා බල්ලන් ගේ ඇඟේ ලොම් හැලී රෝග සැදීමේ ප්‍රවණතාවයක් පවතී. වකුගඩු පිළිකා වැනි රෝග ව්‍යාප්ත වීමේ අවදානමක්ද මේ ශාක නිසා ඇති බව හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මේ වන විට උඩරට ප්‍රදේශයේ වැවිලි සමාගම් මෙම පරිසරයට හානිකර කටුපොල් ශාඛය ව්‍යාප්ත කිරීමේ සූදානමක් ඇති බවද ඊට එරෙහිව ජනතාව හඬ නැගිය යුතු බවද ඔහු කියා සිටියේය.

ඒමහතා මේ බව ප්‍රකාශ කර සිටියේ වතු ආශ්‍රිත ප්‍රජාව දැනුවත් කිරීම සඳහා ඊයේ (03) මහනුවර රිවඩෙල් හෝටලයේ පැවති වැඩමුළුවකදීය. මේ සඳහා වතු ආශ්‍රිත ප්‍රජාව නියෝජනය කරමින් නුවරඑළිය කෑගල්ල මාතලේ බදුල්ල මහනුවර ප්‍රදේශවල ගුරුවරු සහ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරු මෙන්ම සිවිල් සංවිධාන ක්‍රියාකාරීහු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *