ගමේ මිනිස්සු අපිට උදවු කරනවා, අපි කාටවත් ණයත් නෑ බයත් නෑ

Share Button

“පර්පර්චුවෙල් සමාගමේ හිමි කරුවන් ගෙන් වැඩි පුර සල්ලි අරගෙන තියෙන්නේ ඒකාබද්ධ විපක්ෂය යැයි කියා ගන්නා අයයි. එහෙම මුදල් අරගෙන පන්සල් ගානෙ ගිහින් ආත්තම්මලා ගේ, අම්මලාගේ පිටට තට්ටු කර දැන් සනීපද කියා ලජ්ජා නැතිව අසනවා.” යැයි ධීවර හා පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අද දහවල් තංගල්ල මැවැල්ල ප්‍රදේශයේ ධීවරයන් හමු වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් පැවසීය.

මැවැල්ල ධීවර තොටුපලේ ඉදිකිරීමට යෝජිත නව බෝට්ටු නැංගුරම් තොටුපලේ සක්‍යය වාර්තාව පිළබදව ධීවරයන්ගේ අදහස් ලබා ගැනීම සදහා මාවැල්ල ධීවර තොටුපළට ගිය රාජ්‍ය අමාත්‍ය වරයා මෙසේද පැවසීය.

අර්ජුන ඇලෝසියල්ලගෙන් අපි සල්ලි ගත්තේ නැහැ. අපි ඔවුන් අදුරන්නේවත් නෑ අපිට කාගෙවත් මුදල් අවශ්‍ය නැහැ. සජිත් ප්‍රේමදාස මහතා සමඟ අපි පිරිසිදු දේශපාලනයක් කරනවා. අපිට දේශපාලනය කරන්න ගමේ මිනිස්සු උදවු කරනවා. ඔය ව්‍යාපාරිකයෝ මේ රට වනසනවා. ඔවුන් මේ රටින් පන්නා දැමිය යුතුයි. ඔවුන් ගෙන් මුදල් ගත් ඒකා බද්ධයේ අය දැන් ගලේ පැහැරූ බළලුන් මෙන් ඉන්නවා. අපි ණයත් නෑ. කාටවත් බයත් නෑ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *