SLT-MOBITEL සහ ‘ත්‍යාග’ එක් වී තෑගි දීමේ කලාව වෙනස් කරයි

SLT-MOBITEL සහ ‘ත්‍යාග’ එක් වී තෑගි දීමේ කලාව වෙනස් කරයි

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ විශාලතම විද්‍යුත් ත්‍යාග වවුචර් පදනම වන ‘ත්‍යාග’ සමග විශේෂ හවුල්කාරීත්වයකට එළඹී තිබේ. පාරිභෝගිකයන්ට ඕනෑම අවස්ථාවකට ගැළපෙන විද්‍යුත් තෑගි වවුචර ඉතාමත් පහසුවෙන් මිලදී ගැනීමට සහ යැවීමට අවස්ථාව සලසා දීම මෙහි අරමුණයි.

ඒ අනුව දැන් https://www.eteleshop.slt.lk හරහා SLT-MOBITEL eTeleshop වෙතින් ‘ත්‍යාග’ විද්‍යුත් වවුචර මිලදී ගත හැක. මෙම වෙබ් අඩවියට පිවිසෙන ඕනෑම කෙනෙකුට තමන් කැමති පරිදි ඕනෑම අවස්ථාවකට ගැළපෙන විද්‍යුත් තෑගි වවුචර මිලදීගෙන ඒවා තෑගි වශයෙන් ලබාදිය හැකි වේ. උපන්දින, සමුගැනීමේ අවස්ථාවන්, උත්සව අවස්ථාවන් සහ විශේෂ දිනයන් ඇතුළු ඕනෑම අවස්ථාවක් සඳහා මෙලෙස විද්‍යුත් තෑගි වවුචර ලබාගත හැක.

රට පුරා වෙසෙන පාරිභෝගිකයන්ට ‘ත්‍යාග’ විද්‍යුත් වවුචර මිලදීගත හැකි අතර, මෙම වවුචර භාවිතයෙන් අලෙවිසැල් කිහිපයකින් භාණ්ඩ මිලදී ගැනීමේ අවස්ථාව ලබාදීමටද ‘ත්‍යාග’ පියවර ගෙන ඇත. පාරිභෝගිකයෙකු මෙම වවුචර මිලදී ගත් විට ඒවා අවශ්‍ය පරිදි නොපමාව අදාළ පුද්ගලයන් වෙත යවනු ලැබේ. ත්‍යාගය පිරිනමන පුද්ගලයා අපේක්ෂා කරන ආකාරයට, පැය 12 ක් ඇතුළත හෝ කලින් තීරණය කරනු ලබන දිනයකදී ඊමේල් හෝ SMS මගින් අදාළ තෑගි වවුචරය එය ලැබිය යුතු අය වෙත යවනු ලබයි. තම ආදරණීයයන්ට හොඳම තෑග්ගක් පිරිනැමීමට පාරිභෝගිකයන්ට අවස්ථාව සලසා දීම මෙහි අරමුණ වී ඇත.

එමෙන්ම ඕනෑම දිනයක, ඕනෑම මොහොතක ‘ත්‍යාග’ සමග අත්වැල් බැඳගෙන සිටින අලෙවිසැල්වලදී ‘ත්‍යාග’ වවුචර භාවිතා කළ හැකි වේ. වවුචරයේ වටිනාකමින් කොපමණ ප්‍රමාණයක් භාවිතා කරන්නේද යන්න තීරණය කිරීමට වවුචරය ලැබුණු පුද්ගලයාට නිදහස ඇති අතර, වටිනාකම අවසන් වනතුරු එය කිහිප අවස්ථාවකදී වුවද භාවිතා කළ හැක. මෙය සාම්ප්‍රදායික තෑගි දීමකට වඩා බෙහෙවින් නම්‍යශීලී හා පහසු ක්‍රමයකි.

“පාරිභෝගික ආකර්ෂණය දිනාගන්නා තෑගි වවුචර් සහ කාඩ්පත් හඳුන්වා දීමට මෙය හොඳම අවස්ථාව බව අප විශ්වාස කරනවා. රට පුරා වෙසෙන පාරිභෝගිකයන්ට ඉතාමත් පහසුවෙන් තම ආදරණීයයන්ට තෑගි පිරිනැමීමට අවස්ථාව ලබාදීම මෙම හවුල්කාරීත්වයේ අරමුණයි. දැන් ඕනෑම කෙනෙකුට SLT-MOBITEL eTeleshop වෙතින් ‘ත්‍යාග’ විද්‍යුත් වවුචර මිලදීගෙන ඒවා තමන් කැමති කෙනෙකු වෙත ඊමේල් හෝ SMS මගින් යැවීමට පුළුවන්. තෑගි මිලදී ගැනීමට අලෙවිසැල් වෙත යාමට කාලවේලාව නොමැති සහ පාරිභෝගිකයන් අධික ලෙස ගැවසෙන අලෙවිසැල් වෙත යාමට අකමැති පුද්ගලයන්ට මෙය අගනා විසඳුමක් වේවි.” SLT-MOBITEL සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී ප්‍රභාත් දහනායක මහතා පැවසී ය.

“SLT-MOBITEL සමග එක්වී මෙලෙස වැඩි පිරිසක් වෙත අපගේ විද්‍යුත් තෑගි වවුචර් ක්‍රමය හඳුන්වා දීමට හැකි වීම අපට මහත් සතුටක්. ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකයා සමග මෙලෙස අත්වැල් බැඳගැනීම මගින් අපට ඔවුන්ගේ තාක්ෂණික හැකියාවන් සහ පුළුල් ආවරණ පරාසය ප්‍රයෝජනයට ගනිමින් රට පුරා පාරිභෝගිකයන්ට අපගේ තෑගි වවුචර් මිලදී ගැනීමට අවස්ථාව ලබාදීමට හැකි වනවා. මෙය මෙරට තෑගි දීමේ කලාව පෙරළියකට ලක්කරන පියවරක් වනු ඇති බවට කිසිදු සැකයක් නැහැ.” ‘ත්‍යාග’ ප්‍රධාන විධායක නිලධාරී සචින් වික්‍රමසිංහ මහතා පැවසී ය.

මීට පෙර SLT-MOBITEL හි පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය වන Embryo Innovation Center මගින් සංවිධානය කරන ලද 2021/22 Entrepreneurship Studio වැඩසටහනේ ජයග්‍රහණය හිමිකරගන්නා ලද්දේද ‘ත්‍යාග’ විසින් වීම විශේෂත්වයකි.

‘Entrepreneurship Studio’ වැඩසටහන දියත් කරන ලද්දේ නවීනතම තාක්ෂණය මූලික කරගනිමින් නවෝත්පාදන සිදුකිරීමේ හැකියාව සහිත නවක ව්‍යාපාර ශක්තිමත් කරමින්, රටේ ඩිජිටල් තාක්ෂණ භාවිතාව තවදුරටත් පුළුල් කිරීමේ අරමුණිනි.

SLT-MOBITEL සමූහය තුළ පවතින දැනුම හා කුසලතා ප්‍රයෝජනයට ගනිමින් මෙන්ම විද්වතුන්, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ ව්‍යවසායකයන් ඇතුළු විවිධ පාර්ශ්වයන් සම්බන්ධ කරගෙන නවීනතම තාක්ෂණය භාවිතයෙන් රටට වැදගත් වන විසඳුම් නිර්මාණය කිරීමට The Embryo උත්සාහ දරයි.

‘ත්‍යාග’ සහ විද්‍යුත් තෑගි වවුචර මිලදීගත හැකි ආකාරය දැනගැනීම සඳහා https://www.eteleshop.slt.lk වෙත පිවිසෙන්න.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )