සූර්යා හඳුන්කූරු ගුත්තිල සිනමා පටය සමඟ අත්වැල් බැඳගනී

සූර්යා හඳුන්කූරු ගුත්තිල සිනමා පටය සමඟ අත්වැල් බැඳගනී

ශ්‍රී ලංකාවේ කාගේත් විශ්වාසය හා ආදරය දිනූ සූර්යා සුවඳකූරු, මෙරට නිර්මාණය වූ සුවිශේෂී සිනමා සිත්තමක් වන ගුත්තිල සිනමා පටය සමඟ අත්වැල් බැඳගෙන සිටී. සූර්යා සුවඳකූරු නිෂ්පාදනය කරනු ලබන්නේ සන් මැච් සමාගම (Sun Match Company) මගිනි.

ඓතිහාසික මහනුවර කුණ්ඩසාලේ ප්‍රදේශයේ පිහිටා ඇති සන් මැච් සමාගමට දශක හතරකට අධික සාඩම්බර ඉතිහාසයක් ඇත. එම සමාගම මේ වනවිට සුවඳ වර්ග 14 කින් යුත් සුවඳකූරු වෙළඳපොළට හඳුන්වා දී තිබේ. මෙම සුවඳකූරුවල සුගන්ධයට සිත් පහන් කිරීමේ හැකියාව ඇති අතර, මේ අපූර්ව සිනමා නිර්මාණයද එලෙසම ප්‍රේක්ෂකයන්ගේ සිත් පහන් කිරීමේ හැකියාව සහිත නිර්මාණයක් බව සන් මැච් සමාගම විශ්වාස කරයි. සම්භාව්‍ය සිංහල සාහිත්‍යයේ විශිෂ්ටතම කෘතියක් වන ගුත්තිල කාව්‍යය පදනම් කරගත් ගුත්තිල සිනමා සිත්තම, නිර්මාණශීලීත්වය හා විශිෂ්ටත්වය කැටිකොටගත් අගනා නිර්මාණයකි.

“ගුත්තිල සිනමා නිර්මාණයේ විශිෂ්ටත්වයෙන් වශීකෘත වීමට බලා සිටින රසික ප්‍රජාව සමග අප අත්වැල් බැඳගන්නේ සැබෑම ආඩම්බරයකින්. අපගේ සන්නාමය මෙරට සංස්කෘතිය හා ගැඹුරින් බද්ධ වෙමින්, රටේ ජනතාවගේ ජීවිත අර්ථවත් කරනු දැකීමට අපට අවශ්‍යයි. විශේෂයෙන්ම අද වැනි යුගයක පවුල හා සම්ප්‍රදාය වැනි දේවල් කෙතරම් වැදගත්ද යන්න අප හොඳින් දන්නවා. ගුත්තිල යනු අපේ රටේ දක්ෂ කලාකරුවන් සහ ඔවුන්ගේ කලා හැකියාවන් ලොවට පෙන්වන අතරම, අපගේ උරුමයේ හරය ගැඹුරින් ග්‍රහණය කර ඇති නිර්මාණයක් ලෙස අප දකිනවා.” සන් මැච් සමාගමේ අධ්‍යක්ෂ/ ප්‍රධාන අලෙවි නිලධාරී ගෞරි රාජන් මහත්මිය පැවසුවා ය.

සූර්යා සන්නාම තානාපතිනිය වන සම්මානලාභී ප්‍රවීණ රංගන ශිල්පිනී යශෝධා විමලධර්ම ගුත්තිල චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට පණපොවයි.

“මේ විශිෂ්ට චිත්‍රපටයට රංගනයෙන් දායක වීමට ලැබීම මා ලැබූ භාග්‍යයක් ලෙස මා සලකනවා. ඒ වගේම කාගේත් විශ්වාසය දිනූ සූර්යා වැනි සන්නාමයක්, සමස්ත ශ්‍රී ලංකා වාසීන්ගේ අවධානය දිනාගෙන තිබෙන මෙවැනි නිර්මාණයක් සමග අත්වැල් බැඳගැනීම මට මහත් සතුටක්.” යශෝධා විමලධර්ම මහත්මිය පැවසුවා ය.

මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියන් විසින් සංස්කරණය කරන ලද ගුත්තිල කාව්‍යය පදනම් කරගෙන නිර්මාණය වූ මෙම සිනමා නිර්මාණය සිනමාහල් වෙත පැමිණෙනුයේ වසර 12 ක ප්‍රමාදයකින් අනතුරුව ය. හරේන් නාගොඩවිතාන සහ දිලිනි සිල්වා විසින් නිෂ්පාදනය කරන ලද එම චිත්‍රපටයෙහි කථාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය සනත් අබේසේකරගෙනි. යශෝධා විමලධර්ම හැරුණු විට විශාරද එඩ්වඩ් ජයකොඩි, අකිල ධනුද්ධර, චුලක්‍ෂි රණතුංග, අයිරාංගනී සේරසිංහ සහ සතිස්චන්ද්‍ර එදිරිසිංහ ඇතුළු ප්‍රවීණ කලා ශිල්පීහු පිරිසක් ඊට රංගනයෙන් දායක වෙති. මෙම චිත්‍රපටය EAP මණ්ඩලයේ සිනමාහල් ඇතුළුව රට පුරා සිනමාහල්වල ප්‍රදර්ශනය කෙරෙනු ඇත.

“සන් මැච් යනු කවදත් සම්ප්‍රදාය හා සංස්කෘතිය වැනි වටිනාකම්වලට මුල්තැනක් දෙන සමාගමක්. මෙම චිත්‍රපටයත් සම්ප්‍රදාය හා සංස්කෘතිය සමග ගැඹුරින් සම්බන්ධ වූ නිර්මාණයක් ලෙස හැඳින්වීමට පුළුවන්. අපත් සමග මෙලෙස අත්වැල් බැඳගැනීම පිළිබඳව අප සන් මැච් සමාගමට ස්තූතිවන්ත වෙනවා.” ගුත්තිල චිත්‍රපටයේ අධ්‍යක්ෂ සනත් අබේසේකර මහතා පැවසී ය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )